ජන බල බිල්ලෙක් මැව්වේ මාධ්‍ය – අද පොහොට්ටුවේ ජනබලයත් නෑ…මාධ්‍යයේ පච බලයත් නෑ

0

අද වන විට පොහොට්ටුවේ ජනබලය හෝ මාධ්‍යයෙන් මැවූ බොරු බලය කිසිවක් ඉතිරිව නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (06) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති  එක්සත් ජාතික පක්ෂ 72 වෙනි සංවත්සරය අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කළා.

“මාධ්‍යයෙන් කියනවා. පොහොට්ටුව බලවත් ශිෂ්‍යයන්ට අනිත් අයට හානි වෙන්න පුළුවන් කියලා. මම කිව්වා අපි අපේ වැඩේ කරමු එයාලා එයාලගේ වැඩේ කරයි කියලා. අද බලන කොට පොහොට්ටුවේ ජන බලයත් නෑ. මාධ්‍යයේ පච බලයත් නෑ. එක්සත් ජාතික පක්ෂයයි, අපේ 72 වෙනි සංවත්සරයයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා මම කියන්න කැමතියි. ඊයේ වෙච්ච ඓතිහාසික එක දෙයක් මට කියන්න බලන්න. මාධ්‍යයෙන් මේ පක්ෂය නැති කරන්න බෑ.”

“අපි බාර ගත්ත මේ කුඹුර ගැන කියන්න දෙයක් නෑ. මේ කුඹුර ණය වෙලා ණය වෙලා විකුණන්න හිටියේ.හිටපු හොරා පැනලා ගියා ණය ගෙවා ගන්න බැරුව. අවුරුදු ගණනක් මේක වගා කරලා තිබුණේ නෑ. හිස් වෙලා තිබුණේ. අපි මේක භාර ගත්තා හුගාක් අය හිතුවේ මේක කරන්න බෑ කියලා. ඉඩෝරෙට, ගංවතුරට හැම දෙයකටම අපි මුහුණ දුන්නා. දැන් වපුරලා අස්වැන්න එන කාලේ. අපි අස්වැන්න නෙලා ගමු.” අගමැතිවරයා පවසා සිටියා.

Ranil Wickremesinghe