ලිදුල නගර සභාවේ “පොහොට්ටුවේ” සභාපති අලියා පිට නගී

0

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන තමන් ඉදිරියේදි එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගැනිමට තිරණය කල බව එම සභාවේ සභාපති අශෝක සේපාල පවසයි.

අද (06) පස්වරුවේ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අශෝක සේපාල මහතා කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් තමන් විශාල සේවයක් සිදු කල බවත්, එම පක්ෂයේ නායකයින්ගෙන් තමන්ට සාධාරණයක් ඉටු නොවු නිසා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගැනිමට තිරණය කල බවයි.

නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් කටයුතු කල ප්‍රබලයින් රැසක් තමන් සමග එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගන්නා බවද අශෝක සේපාල කියා සිටියා.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් කැපවිමෙන් කටයුතු කල තමන්ට ඉකුත් පලාත් පාලන මැතිවරණයේදි තරග කිරිමට පවා අවස්තාව ලබා නොදිම හේතුවෙන් තමන් ස්වාධිනව තරග කර තලවකැලේ ලිදුල නගර සභාවේ පාලන බලය ලබා ගැනිමට කටයුතු කල බවද අශෝක සේපාල පැවසිය.

වැවිලි කර්මාන්ත අමාත්‍යය හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ සමග අද තමන් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගැනිමට කැමති බව දැනුම් දිමෙන් පසු අග්‍රමාත්‍යයවරයා එයට එකග වු බව අමාත්‍යය නවින් දිසානායක තමන්ට දුරකථනයෙන් දැනුම් දුන් බවයි අශෝක සේපාල කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගැනිමෙන් පසු තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නායකයා විසින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ දිඹුල කොරළයේ එක්සත් ජාතික පක්ෂයේ සම සංවිධායක ධුරය ලබා දිමට එකග වි ඇති බවද තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා වැඩි දුරටත් පවසා සිටිහ.

ළිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු දැරියක පැහැර ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වු අයෙකි.