පොහොට්ටුව ආවේ නම් ආණ්ඩුව පෙරලන්න…..උදේ බලද්දි එකෙක්වත් නෑ!

0

ඊයේ පැවති ජන බලය විරෝධතා රැලිය අසාර්ථක බව එහි සංවිධායකවරුන්ම පිළිගෙන ඇති බවත් එහි හොඳම උදාහරණය ලෙස විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ වෙබ් අඩවිය හැදින්විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පවසනවා.

අද (06) ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

“ඊයේ පැවැත්වුණේ විරෝධයකට වඩා නාඩගමක්. කාලා බීලා පාරේ නටන එක ඇත්ත ජනතා විරෝධයක් නොවෙයි. අපි දැක්කේ විකාරරූපී රංගනයක් විතරයි. එවැනි දේවල්වලින් සිදුවන්නේ ඇත්ත ජනතා විරෝධය හෑල්ලූවට ලක්වීම පමණයි. ඔවුන්ගේ විරෝධය අසාර්ථක එකක් වුණේ ඒ නිසයි. ඒ සම්බන්ධයෙන් විරෝධතාවය මෙහෙයවූ සංවිධායකයින්ම අසාර්ථකයි කියලා කියලා තිබුණා. උද්ඝෝෂණයට පෙර මෙය සංවිධානය කරපු පිරිස් විවිධ දේ කිව්වා. සම්පූර්ණයෙන් කොළඹ අල්ලනවා කිව්වා. ආණ්ඩුව ගන්නේ නැතිව ආපහු යන්නේ නැහැ කිව්වා. නොනිදන රැුයක් ගත කරනවා කිව්වා. මහින්ද රාජපක්‍ෂ අගමැති යැයි පාරම් බාපු විමල් වීරවංශ විසින් මෙහෙයවන වෙබ් අඩවියේම ”ජනතාව බනිමින් යන්න යති ඒකාබද්ධයේ ජන බල විරෝධය අවසන්” කියලා හවස් වෙනකොටම නිවුස් ගැහුවා. සංවිධායකයින්ම විරෝධතාවය විවේචනය කරන්න පටන් අරගෙන තිබෙනවා. ඇතැම් වෙබ් සයිට්වල තිබුණා ”ඒකාබද්ධයේ දේශපාලනඥයින් කොළඹ හෝටල් වෙන් කරවා ගනියි, ආධාරකරුවන් මහපාරේ තොවිල් නටයි” කියලා. ඒ නිසා ඇත්තටම එම විරෝධතාවයේ අසාර්ථකභාවය පිළිබඳව අපිට අලූතින් කියන්න දෙයක් නැහැ.”

“මේ ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී කි‍්‍රයා අපි ප‍්‍රතික්‍ෂේප කරනවා පමණක් නෙවෙයි ඒවා පරාජය කරන්න කි‍්‍රයාමාර්ග ගන්නවා. නමුත් කිසිසේත්ම මේ හොරු පන්නලා තවත් හොරු කණ්ඩායමකට ආණ්ඩු හදන්න අපි කිසි සේත්ම ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම අපේ රටේ ජනතාව මේ හොරු වෙනුවට තවත් හොරු කණ්ඩායමකට බලය ලබා නොදීමට වග බලාගත යුතු වෙනවා. මේ ආණ්ඩුව පත්වෙලා මාස කිහිපයක් ගතවුණාට පස්සේ හොරුන්ට-දූෂිතයන්ට නීතිය කි‍්‍රයාත්මක කරන්න කියලා මුලින්ම පාරට බැස්සේ ජනතා විමුක්ති පෙරමුණයි. ඉන් පසුව බඩු මිලට එරෙහිව, ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව වැඩ කරන ජනතාවගේ ඊ.ටී.එෆ්. අරමුදල රැක ගැනීමට, සිංගප්පූරු ගිවිසුමට එරෙහිව අපි විවිධ කි‍්‍රයාමාර්ග ගනිමින් සිටිනවා.” මන්ත්‍රිවරයා සඳහන් කළා.

Vijitha Herath