මහරගම ‘සර්’ සභාපති බලයෙන් ඉදිමෙයි….නගර සභා සේවකයන්ට පහර දෙයි…නගර සභාවම උණුසුම්

0

නගර සභාවේ විදුලි අංශයේ සේවකයින් සිව් දෙනෙකුට නගර සභා සභාපති ටිරාජ් ලක්රුවන් පහරදී ඇති බවට චෝදනා කරමින් මහරගම නගර සභාවේ සියළු සේවකයන් මේ වන විට සිය රාජකාරි කටයුතු වලින් ඉවත් වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ එම සේවකයන් හතරදෙනා නිවෙස් බලා යන ගමනේදි මත්පැන් අවන්හලක මත්පැන් පානය කරමින් සිටි බවත් එතැනට පැමිණි සභාපතිවරයා ඔවුනට පහර දී ඇති බවත් මහරගම නගර සභාවේ වෘත්තීය සමිති නායකයෙක් ප්‍රකාශ කළා.

කෙසේවෙතත් මහරගම නගර සභාවේ බලය මේ වන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සතු වන අතරම මෙම නගරාධිපතිවරයා තමාට සර් ලෙස ආමන්ත්‍රණය කරන ලෙසට නගර සභාවේ සේවකයන්ට හා ජනතාවට බල කිරීම නිසා ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් ව සිටියේය.