20ට විරුද්ධව ගම්මන්පිල උසාවි යයි!

0

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලෙසට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට තිබෙනවා.

එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබේනවා.

මෙම කෙටුම්පත් මගින් සෘජුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි මන්ත්‍රිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.