ජනබලය විනාශ කරන්න රවි සල්ලි දීලා….සජිතුත් හවුල් – ඒකාබද්ධයෙන් චෝදනා

0

රවි කරුණානායක මන්ත්‍රිවරයා විසින් මුදල් යොදවා මත්පැන් බෝතල් සමග ජන බලය විරෝධතාවය එවු පුද්ගලයන් තිදෙනෙක් පමණ හමු වු බව  පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී වී චානක පවසනවා.

අද (07) ඒකාබද්ධ විපක්ෂය කැඳවා තිබු මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

“රවි කරුණානායක මැතිතුමාගේ තුන්දෙනෙක් අපිට හමු වුණා. අරක්කු බෝතල් අරගෙන ඇවිද ඇවිද ඉන්නකොට අපි පැත්තකට ගෙනිහිල්ලා ඇහුවම රුපියල් 10,000ක් අරගෙන උද්ඝෝෂණය ඇතුලට එවලා තිබුණා. අවස්ථාව අරගෙන ඒක කඩාකප්පල් කරන්න. අපි දැක්කා ඊයේ සංවත්සරයට සුදානම් වෙලාවේ නායකයා වශයෙන් එළියට බැහැලා යනවා. හැබැයි 2030 වෙනකම්ම තවදුරටත් නියෝජ්‍ය නායක විදියට ඉන්න කියන පණිවිඩය එක්ක තමයි එළියට ආවේ. ලක්ෂයක් ගේන්න කතා කරන ඔබතුමා ප්‍රාදේශිය සභාවත් පරාදයි, ආසනයත් පරාදයි. ඒ වගේම අපි දැක්කා රටේ ජනාධිපතිතුමා පොදු දේපල අවභාවිත කරන අයට එල්ලුම් ගහ නියම කරනවා ලු. බැදුම්කරේ හොරකම් කරලා චෝදනා එල්ල වෙච්ච අගමැතිතුමා තමයි ඔබතුමාට ඉස්සල්ලාම එල්ලන්න වෙන්නේ.” මන්ත්‍රීවරයා පවසා සිටියා.