ශ්‍රිලංනීපෙ නැතුව මහින්ද අගමැති වෙන්නේ නෑ….අගමැති වෙන්න ඕන නම් අපි ලඟ එන්න වේවි!

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අගමැතිධූරය ලබා ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානයක්කාර පවසනවා.

අද (09) ගාල්ලේ පැවති උත්සවයක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“පහුගිය පළාත් පාලන මැතිවරණය තිබ්බා. පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටු පක්ෂය ජයග්‍රහණය කළා.  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ම කොටසක් තමයි හැබැයි ඒකෙන් වුණේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පරාජය වුණා. අපේ පක්ෂය දෙකට කැඩිච්ච නිසා. බලලෝභි කණ්ඩායමක් තමන්ට බලය ලබා ගැනීමේ අරමුණෙන් මේ පක්ෂය කඩාගෙන එළියට ගිහිල්ලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලයට හූ කියමින් යන තත්ත්වයට අද ඒ කණ්ඩායම පත් වෙලා තියනවා. මහින්ද මහත්තයා අගමැති කරන්න පුළුවන ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්ක එකතු වුනොත් විතරයි. එහෙම නැතුව වෙනම මහින්ද මහත්තයා අගමැති කරන්න බෑ.” නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.