ඉන්දියාවෙන්, පකිස්තානයෙන් මිනිස්සු ගෙනල්ලා ලංකාවේ පදිංචි කරන්න ඕන ද? මේක ගුබ්බෑයමක්ද?

0

අතීතයේදි බෙදුම්වාදයට එරෙහිව කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ අද වන විට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ, ඉන්දියාවේ, නාතාමි භූමිකාව නිරූපනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ සඳහන් කරනවා.

ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“උතුරේ සිංහල ජනතාව පදිංචි කරන්න දෙන්නේ නෑ කියන මේ බෙදුම්වාදී පාලකයෝ අද උතුරේ ඉන්දියානු පවුල් ගෙනල්ලා පදිංචි කරනවා. නෙද්ර්කර්නි කියන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ මරතෝඩි කියලා ගමක් ඇති කළා. උතුරු පළාත් සභාව. ඒ ගම්මානයේ පවුල් 1500ක් පදිංචි කළා. එයින් 250ක් ඉන්දියානුවන්. ගිහිල්ලා හැදුනුම්පත් ඉල්ලන්න.  ලංකාවේ හැදුනුම්පත් තියනවා ද කියලා බලන්න. ඉන්දියානුකාරයෝ ගෙනල්ලා මේකේ පදිංචි කරන්නේ මොකටද? ඊලඟ ඡන්දෙදි ඉන්දියාවට ඕන රූකඩ පාලකයෝ නිර්මාණය කරන්න. මේ රටේ දෙමළ ජනතාව රටේ කොහේ පදිංචි කළත් අපි එකගයි. හැබැයි ඉන්දියානු ජනතාව මෙහෙ පදිංචි කරන්න මේක ගුබ්බෑයමක් නෙමෙයි මේ රට. එහෙන් පකිස්තානකාරයෝ ගෙනල්ලා පදිංචි කරනවා. මොකද්ද මේ රට මේ රටේ භාරකාරයෙක් නැද්ද? එහෙව් රටක තමයි ජවිපෙ ඉතුරු ටිකත් විනාශ කරන්න 20 වෙනි සංශෝධනය අරන් ඇවිල්ලා තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ අතීතයේදි ඉටු කළේ බෙදුම්වාදයට එරෙහි දැවැන්ත භූමිකාවක්. දැන් ජනතා විමුක්ති පෙරමුණ භාර අරගෙන තියෙන්නේ මහෞෂධ භූමිකාව නෙමෙයි. දැන් කරන්නේ රනිල් වික්‍රමසිංහගේ, ඉන්දියාවේ, අධිරාජ්‍යවාදින්ගේ නාට්හාම් භූමිකාව.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Wimal Weerawansa