රට ඇල්ලීම තියා ලේකහවුස්වත් ඇල්ලුවද? – ජනබලය අසාර්ථකයි

0

ආණ්ඩු බලය අතට ගන්නා බවට වහසි බස් දොඩමින් මහින්ද රාජපක්ෂ පෙරටු කරගෙන කොළඹ පැමිණි ජනකායට ඔවුන් කඳවුරු ලා සිටි භුමියේ පිහිටි ලේක්හවුස් ආයතනය හෝ අත්පත් කරගැනීමට නොහැකිවීම ජනබල උද්ඝෝෂණයේ අසාර්ථකභාවය මැනවින් පෙන්නුම් කරන්නක් බව නව සමසමාජ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසනවා.

කොළඹ දි මාධ්‍යවේදීන් අමතමින් ඔහු පවසා සිටියේ නගරයේ දැවෙන ප්‍රශ්න කතා නොකර ජාතිවාදය අවුස්සන්න ගියොත් නගරයේ ඉන්න ජනතාවගේ සහය ලබා ගැනීමට නොහැකි වන බවයි.

ලක්ෂ සංඛ්‍යාත ජනකායක් “ජනබලය කොළඹට” සඳහා පැමිණි බවට රාජපක්ෂ හිතවාදීන් කරන ප්‍රකාශ වල කිසිදු සත්‍යයක් නැති බවත් නගරයේ වැඩකරන ජනතාවගේ සහයෝගයෙන් තොරව කිසිදු විරෝධතාවකට තම අරමුණු ඉටු කරගත නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

උපරිම වශයෙන් සහභාගි වූ පිරිස 86,000 ක් පමණ වන බවට විද්‍යාත්මකව විශ්ලේෂණය කර ඇති බවත් ආචාර්යවරයා පවසා සිටියා.

“ගැටුමකින් තොර ලංකාවේ පළමු හර්තාලය” ලෙස “ජනබලය කොළඹට” හැඳින්වූ ඔහු එහි අසාර්ථකත්වය මගින් ආණ්ඩුව ශක්තිමත් වීම නිසා ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් බලපෑම් කිරීමේ හැකියාව දුර්වල වී තිබෙන බවට බියක් ඇතිවිය හැකි බවයි පවසා සිටියේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here