මෛත්‍රි-රනිල්ට රට පාවලා දීපු NGO නඩයට දිට්ඨදම්මවේදනීය කර්මය පඩිසන් දෙයි!

0

ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වන්නේ නම් පළාත් සභා මැතිවරණයද නියමිත දිනයට පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේවර්ධන පවසනවා.

ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

“පසුගිය දිනවලදී අපි දුටුවා ජනාධිපතිවරයා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මඟින් රටට ප්‍රකාශ කරනවා ජනාධිපතිවරණය නියමිත දිනට එක දිනයකට කලින්වත් පවත්වන්නේ නැහැ කියලා. අපි ජනාධිපතිවරයාට කියනවා නියමිත දිනටම ජනාධිපතිවරණය පවත්වන්න අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔහුට අපි කියනවා නියමිත දිනට මැතිවරණ පවත්වනවා නම් පළාත් සභා මැතිවරණයත් නියමිත දිනට පවත්වන්න.”

“ඒ වගේම ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා ජනාධිපතිවරයාට වැඩිය විධායක බලතල තියෙන අගමැතිවරයෙක් තමයි ඊළඟ පාර පත් කරගත යුත්තේ කියලා. ඒ වගේම ඔහු හොරකම්, දූෂණ, වංචා නොකරන පුද්ගලයෙක් විය යුතුයි කියලත් ඔහු ප්‍රකාශ කරනවා. සිරිසේන ජනාධිපතිවරයා අගමැතිවරයෙක් තෝරා ගත යුතුයි කියලා කියන්න හදන්නේ දැන් ඉන්න අගමැති හොරකම් කරන, ජාතික සම්පත් විකුණන අගමැතිවරයෙක් කියලානේ. මේ යහපාලන ආණ්ඩුව දැන් කසාද බැඳපු ජෝඩුවක් තරහ වෙලා එක ගෙදර ඉන්නවා වගේ. එකට කන්නේ බොන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. හැබැයි ගෙදරින් එළියට බහින්නේ එකට. ඒ වගේ තමයි ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ ශ්‍රී ල.නි.ප.ය සහ එ.ජා.ප.ය.”

“ඒ වගේම තමයි ජනාධිපතිවරයා කියනවා ශ්‍රී ල.නි.ප.ය නැතිව පොහොට්ටුවටවත් එ.ජා.ප.යටවත් ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ කියලා. බණ්ඩාරනායක මහත්තයා එ.ජා.ප.යෙන් ඉවත් වෙලා ඇවිල්ලා පිහිටෙව්ව පක්‍ෂය ශ්‍රී ල.නි.ප.ය. කිසිවෙක් නැතිව කිහිප වතාවක්ම ශ්‍රී ල.නි.ප.ය ආණ්ඩු පිහිටෙව්වා. එහෙම පක්‍ෂයක් මොකටද වෙන කාටවත් ආණ්ඩු හදන්න උදවු කරන්නේ.”

“සරත් විජේසූරිය මහතා පසුගිය කාලයේ විවිධ ප්‍රකාශ සිදු කළා. දැන් ආයෙමත් ඔහු කියනවා අපි තව පොදු අපේක්‍ෂකයෙක් හොයනවා කියලා. පරණ එක මාකට් එකට දාලා දැන් විකුණන්න බැරි නිසා අලුත් සැඟවුණු අමුත්තෙක් හොයනවා. මේ මහත්වරු තමයි රට කෑවේ. මේ අයට කවදා හරි දිට්ඨ ධම්මවේදනීය කර්මය පළ දෙනවා.”මන්ත්‍රිවරයා පවසා සිටියා.