තාමත් යම් අය ආණ්ඩුවට විරුද්ධ දේ කරනවා…..තෙල් සූත්‍රයත් ඒ ගොඩට අයිතියි!

0

සෑම මසකම තෙල් මිල ඉහළ යාම රුපියල අවප්‍රමාණ වීම තුළ හට ගන්නා ක්‍රියාවලියක් බවත් එය ආණ්ඩුවේ පැවැත්මට හිතකර නොවන බවත් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසනවා.

ඊයේ තෙල් මිල ඉහළ යාම පිළිබඳව අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

“මේක මීට පෙර කරන්න හදපු එක අපි නැවැත්තුවා. එහෙම කළේ ඒක අපේ රටට ඔබින්නේ නැති නිසා. ඊට පසුව ලේසි උත්තරයට මේක එකතු වීම තුළ අද පේනවානේ වෙලා තියන දේ. ඒ නිසා මම දන්නේ නෑ මොන කඩාකප්පල් දේවල් යම් අය කරනවාද කියලා. මුදල් ඇමතිවරයා මම හමුවෙලා කතා කරලා අහන්න අවශ්‍යයි ඇයි මේ වගේ දේවල් වලට ඉඩ දෙන්නේ කියලා. මොකද මට පේන විදියට ආණ්ඩුවට ජනාධිපතිට අගමැතිට හානි කරන දේවල් ගෙනියනවා. මීට ඉස්සල්ලා තිබුණ මේ දේවල් අපි දරුණු මට්ටමට ප්‍රතිකේෂ්ප කළා. මේක තෙල් මිල වැඩි වීම නිසා නෙමෙයි රුපියල බාල්දු වීම තුළ ඇතිවන ප්‍රතිවිපාක නිසා ඇති වෙච්ච දේවල් මේ.”මන්ත්‍රිවරයා පවසා සිටියා.

Ravi Karunanayake