ජනපතිගේ මරණ දඩුවමට ජීනිවා වැට බඳී……..!

0

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නැවත මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම පිළිබඳව අප්‍රසාදය පල කරන බව නව මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බාචලට්‌ පවසනවා.

39 වැනි මානව හිමිකම් සමුළුව අමතමින් ඇය මේ බව සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා සංක්‍රාන්ති යුක්‌තිය කඩිනම් කළ යුතු බවත් ඇය මෙහිදි ප්‍රකාශ කොට තිබේ.

අතුරුදන් වූවන්ගේ පවුල්වලට කඩිනමින් ප්‍රතිචාර දැක්‌වීමට ක්‍රියා කරන ලෙසද ඇය රජයෙන් ඉල්ලා ඇත.

Michelle Bachelet