තමන්ගේ පුතා වැඩ්ඩෙක් නම් ඒක ඔප්පු කරන්න….ජනතාව අන්දන පට්ට කෙප්ප කියන්න එපා!

0

තම දේශපාලන අරමුණු අභිලාෂන් වෙනුවෙන් අහිංසක ජනතාවට බොරු බේගල් පැවසීම මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කල්ලිය දැන්වත් නතර කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.

කොළඹ දී ඊයේ (11) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

“මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා අපේ හිතවත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයත් අසනීප වෙලා, අර කල් ගත වෙච්ච කිරි බීලා ගෙදර ගියා කියලා. අනේ එහෙම කියනකොට එතුමාගේ දකුණු අත ලඟ ඉන්නේ ඩලස් අලහප්පෙරුම මහතාගේම රුව තියන එක්කෝ එතුමාගේ ඥාති සහෝදරයෙක් එහෙම නැත්නම් නිවුන් සහෝදරයෙක්. එක්කෝ එතුමාගේ මනෝකාය. අපේ ඩලස් මැතිතුමා අසනීප වුණා කිව්වා ම අපිට හිතට දුකක් ඇති වුණා. ඒත් එතුමා වගේ ම කෙනෙක් එතන ඉන්නවා දැක්කාම ආපහු අපේ හිතට සතුට ඇති වුණා. අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට කියනවා මිනිස්සුන්ව ඔය විදියට නොමග යවන්න එපා. ඔය විදියට පට්ටපල් බොරු කියන්න එපා. උද්ඝෝෂණය අසාර්ථක වුණා නම් ඒක පිළිගන්න. දේශපාලන ලෝකයේ හැමදේම හැමදාම සාර්ථක වෙන්නේ නෑ. ඊලඟ උද්ඝෝෂණය සාර්ථකව කරලා තමාගේ පුතාව දක්ෂයෙක් කියලා පෙන්නන්න වැඩ කටයුතු කරන එක එතුමාගේ වගකීම. ඒත් මේ පට්ටපල් බොරු කියලා, සිද්ධ වෙච්ච නැති දේවල් කියලා,  ඒකට අහල පහල ඉන්න මිනිස්සුත් පටවලා මේ කරගෙන යන දේ අන්තිමයි.” අමාත්‍යවරයා සඳහන් කර සිටියා.