ඉඩි අමීන් වගේ තට්ටේ ගාලා ඉන්න හමුදාපතිවරු ලොවෙත් නෑ…..!

0

විශ්‍රාම ගිය යහ හමුදාපතිවරයෙකුට රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් උපදෙස් දීමට නොහැකි බව පවසමින් හමුදාපති මහේෂ් සේනානායක විසින් පසුගියදා නිකුත් කළ නිවේදනයට අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අද (12) මාධ්‍ය හමුවේ පිළිතුරු ලබා දුන්නා.

“ඔය හමුදාපති මම යුද්ධය මෙහෙයවද්දි හමුදා මූලස්ථානයේ ෆයිල් ගොඩාක් භාරව කටයුතු කරපු බිග්‍රේඩියර්වරයෙක්. එයා කියනවා නම දැන් අපිට වඩා එයා දන්නවා කියලා එයා වලිගේ පාගගෙන තමයි දොඩවන්නේ මට හිතෙන්නේ. අද වෙනකොට හමුදාවේ බල ඇණි 38 වහන්න හමුදාපතිවරයා උපදෙස් දීලා තියනවා. ඒකෙන් තේරෙන්නේ හිතුමතේට වැඩ කියලා. මේ හමුදාපති ඉතරයි ආරක්ෂක විද්‍යා පීඨයකට යන්නේ නැතුව හමුදා පති වෙච්ච පුදගලයා. හමුදාවේ හතරවෙනියාට ඉදලා විශ්‍රාම යන්න තියෙද්දි අනික් අය කරපු වැරදි නිසා මෙයා හමුදාපති වුණා. දක්ෂයෙක් නිසා නෙමෙයි. කැපවීම් කරපු අනිත් අය කරපු දේවල් අවතක්සේරු කරලා මැත දොඩවනවා. හමුදාව හැමදාම ආගමික දේවල් වලට උදවි කරනවා. මේ හමුදාපති ඒවා නතර කරනවා.”

“එයා ඉස්සල්ලාම දැන ගන්න ඕන වැදගත් රහයේ සේවකයෙක් විදියට හරියට කොන්ඩේ පීරන්න. තට්ටේ ගාලා ඉන්නවා ඉඩි අමීන් වගේ එහෙම හමුදාපතිලා මම ලෝකේ කොහේවත් දැකලා නෑ.”

ඔබතුමා මේ කතා කරන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්ද නැත්නම් පෞද්ගලික කාරණයක් වෙනුවෙන්ද? 

“පෞද්ගලික කාරණාවක් හරි හින්දා ඔය කියපු කාරණා සෑබෑනම් එතකොට ඒකනේ වටින්නේ. ඒ කියන කාරණා හරිද නැද්ද කියලා කාටහරි කතා කරන්න කියන්න. දැන් හමුදාව හරි සයිස් එකට හදනවා කියලා එයා කියන්නේ. හරි සයිස් එකට හමුදාව හදලා තමයි අපි යුද්දේ දිණුවේ.”

Sarath Fonseka