UNP-TNA JVP බළල් අතෙන් 20 වෙනි සංශෝධන කොස් ඇටය බාවනවා…..ජවිපෙ හොඳට ඇඳලා ඉන්නේ…..!

2

20 වෙනි සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද එය එක්සත් ජාතික පක්ෂයේ හා දෙමළ සන්ධානයේ අවශ්‍යතා ව අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි පවසනවා.

ඊයේ (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පවසා සිටියේ 20 සකස් කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් බවයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කොළේ වසා ගැහුවා සේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්ද උත්සාහ කරන්නේ කොළේ වසා ගැසීමට බවයි මන්ත්‍රිවරයා පවසා සිටින්නේ.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විධායක ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන පළාත් ආණ්ඩුකාරවරයාට හිමි බලතල කප්පාදු කොට එම බලය කැබිනට් මණ්ඩලය වෙත ලබාදීමට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සැලසුම් කර තිබෙන බවත් එමඟින් රට ෆෙඩරල් පාලනයක් කරා ගෙනයෑමට අවශ්‍ය පිඹුරුපත් සකස් කර තිබෙන බවත් ඔහු සඳහන් කළා.



2 COMMENTS

Comments are closed.