අයියාගේ කීමට මල්ලි ජනාධිපති කරන්න තරම් රටේ ඉන්නෙ මෝඩයෝ නෙමෙයි….!

0

ලබන ජනාධිපතිවරණයට නියත වශයෙන් ම තම සහෝදරයා ඉදිරිපත් වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඉන්දිය පුවත්පතට පැවසු කරුණ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ප්‍රතිචාර දැක්වූවා.

ඊයේ (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“මීට පෙර ෆේස්බුක් අඩවියේ පලවෙනකොට මීලග ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂ පවුලේ කෙනෙක් කියලා කඩිනමින් ඒක ප්‍රතිකේෂ්ප කරපු මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයා ඉන්දියාවට ගිහිල්ලා කියලා තිබුණා මේ රට අයිති රාජපක්ෂ රජ පවුලටයි, ඒ පවුලේ උරුමය අනුව මීලග ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රටේ රජ වෙන්නේ කියලා. අපි  මේ රටේ මෙහෙම උරුමයක් තියන පවුලකට අයිති ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම නොපිලිගන්න රාජ්‍යයක් බවට විශ්වාස කරන මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන කණගාටු වෙනවා. අපි එතුමාට කියනවා අයියා ඉල්ලුවත්, මල්ලි ඉල්ලුවත්, ලොකු මල්ලි ඉල්ලුවත්, පොඩි මල්ලි ඉල්ලුවත් මේ රටේ ජනතාව මේ රට බාර දෙන්නේ ඒ ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ගුණ අගුණ, පත්‍රිපත්ති අනුව මිසක් අයියාගේ කීමට මල්ලිට දීලා මල්ලි ජනාධිපති කරන ක්‍රමයක් මේ රටේ දේශපාලන සම්ප්‍රදාය නෑ.” රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here