ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හීනයක්…..!

0

අලුත් පාර්ලිමේන්තුවක් පිහිටුවා වසරක් ගත වීමෙන් පසුව නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම ප්‍රායෝගික නොවන සිහිනයක් බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

ඊයේ (12) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

“මම දන්න තරමට මගේ අත්දැකීම් අනුව අපේ රටේ ආණ්ඩුවක් පිහිටවලා අවුරුද්දක් ගත වුණාට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා කියන එක හීනයක්. අලුත් ආණ්ඩුවක් පිහිටවූ වහාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කළේ නැත්නම් ඒක නැවත කරන්න ප්‍රායෝගික හැකියාවක් නෑ. ඒක තමයි අපේ රටේ තියන දේශපාලන සංස්කෘතිය. මතක ඇති 72 මැතිණිය කළේ, 78 ජේ ආර් මහත්තයා කළේ, 2010 ඒකාධිපති ක්‍රමයකට යන්න 18 වෙනි සංශෝධනය ඔක්කෝම කළේ මේ මැතිවරණ උණුසුම අස්සේ. ඒ කියන්නේ මැතිවරණ උණුසුම ගියාට පස්සේ එහෙම දෙයක් කරන එක ප්‍රායෝගික නෑ.”  අමාත්‍යවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here