රාජපක්ෂ පවුල්වාදයට එරෙහිව වෙල්ගම සටනට……!

1

2019 ජනාධිපති අපේක්ෂකයා නියත වශයෙන්ම තම සහෝදරයා වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දිය ජනමාධ්‍යයක් වෙත පැවසු ප්‍රකාශය නිසා ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර දෙදෙරීමක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨ සාමාජිකයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම එම ප්‍රකාශය පිළිබඳව සිය අප්‍රසාදය එළිපිටම පවසා ඇති බවත් වාර්තා වේ.

පවුල්වාදය ලංකාවට නොගැලෙපෙන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මේ පවුල්වාදය නිසා තමයි හිටපු ජනාධිපතිතුමා ගියපාර පැරදුනේ. මොකද පවුලේ සාමාජිකයින්ට තමයි මුල් තැන දීලා තිබුණේ. ඒකට ඇමතිවරු සියල්ලක්ම තරහා වුණා. කෙලින් වැඩ කරපු අයත් යටින් එතුමාට විරුද්ධව වැඩ කළා. මේක පවුලට විතරක් සීමා කරනවාට මම නං කැමති නෑ. පක්ෂයක් වුණාම කාටත් අයිතියි. ඒ පවුලේ නොවෙන ජ්‍යෙෂ්ඨයෝ ගොඩක් ඉන්නවා. එතුමා මතක තියා ගන්න ඕනේ ජේ.ආර්ගෙන් ප්‍රේමදාස මහත්තයා කැමැත්තෙන් ගත්තේ නෑ.. චන්ද්‍රිකා නෝනා රාජපක්ෂ මහත්තයාට කැමැත්තෙන් දුන්නේ නෑ..සිරිසේන මහත්තයා ගියේ එතුමාට හිමි තැන දුන්නේ නැති නිසා. එතකොට තවත් සිරිසේන කෙනෙක් හදන්නද මේ සූදානම් වෙන්නේ.” මන්ත්‍රිවරයා සඳහන් කොට තිබෙනවා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here