කැබිනට් මණ්ඩලය හදිසියේ රැස්වූ හේතුව මෙන්න…….!

0

ත්‍රිවිධ හමුදා නිලධාරින් අත්තඩංගුවට ගෙන ඔවුනට නඩු නොපවරා රදවා ගැනීම පිළිබදව ජනාධිපතිවරායා සිය අප්‍රසාදය පත් කර තිබෙනවා.

අද (13) පැවති විශේෂ කැබිනට් රැස්වීමේදි ජනාධිපතිවරයා මේ බව පවසා ඇති අතර ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව චෝදනා ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පවරනවා මිස අත්අඩංගුවට ගෙන ඔවුන් පීඩාවට පත් නොකළ යුතු බවත් පවසා තිබෙනවා.

මේ අතර තරුණයින් 11 දෙනකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයින්ට එරෙහිව වහාම නඩු පැවරිය යුතු බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කිරීම සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි ද දැනගන්නට තිබේ.

තරුණයින් අතුරුදන් කිරීමේ චෝදනාවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් විජේගුණරත්න මහතාට එල්ලවී නැතිබවත්, ඔහුට ඇත්තේ සැකකරුවකුට රටින් පැනයාමට උදව් කළ බවට නැගෙන චෝදාවක් පමණක් බවත් ජනාධිපතිවරයාත් ඇමැතිවරුන් කිහිපදෙනකුත් එහිදී ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වෙනවා.