විමල් මහත්තයෝ මහින්ද රාජපක්ෂ පිළිගන්න කළු කොඩි දාන්න….එහාට එකක් මෙහාට එකක්….ලංකාවේ මහා පුරුෂයා ඉන්දියාව කුක්කෙක් වෙලා..!

0

දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන මහින්ද රාජපක්ෂ පිළිගැනීමට කළ්u කොඩි ඔසවන ලෙසට විමල් වීරවංශ මන්ත්‍රිවරයාට යෝජනා කරන බව එකසත් ජාතික පක්ෂය පවසනවා.

එජාපයේ පසුපෙළ මන්ත්‍රින් විසින් ඊයේ (14) කැදවා තිබු මාධ්‍ය සාකච්ඡාවකදි මේ බව පවසා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා,

“මහින්ද මහත්තයාගේ ඉන්දියානු සංචාරයේදි එතුමා ගිහිල්ලා මෝදි අග්‍රාමාත්‍යතුමාට පොරොන්දු වුණා 13+ ලබා දෙනවා කියලා. නමුත් ලංකාවට ඇවිල්ලා කියන්නේ වෙන කතාවක්. රෑ ඩැනියල් දවල් මිගෙල් ප්‍රතිපත්තියක් තමයි මේ අනුගමනය කරන්නේ. එක පැත්තකින් ඉන්දියාවේ ජනතාව රව්වට්ට්නනවා, අනික් පැත්තෙන් ලංකාවේ ජනතාව රවටනවා. ඉන්දියාව ගිහිල්ලා කියනවා චීනය හොද නෑ කියලා. චීනයට ගිහිල්ලා කීයනවා ඉන්දියාව හොද නෑ කියලා. ලංකාවට ඇවිල්ලා කියනවා චීනයයි, ඉන්දියාවයි දෙකම හොද නෑ කියලා. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මෝදි අගමැතිතුමා හමුවෙලා සාකච්ඡා කරනොකොට දැන් වීරවංශ මන්ත්‍රිතුමා මොකද කියන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල්,

“මම දැන් විමල් වීරවංශ මන්ත්‍රිතුමාට යෝජනා කරනවා දැන් හෙට ඉදලා අන්න අර නරේන්ද්‍ර මෝදි එක්ක එකට කන, එකට ඉන්න, අතට අත දෙන මහින්ද රාජපක්ෂ මහත්තයා ඔන්න එනවා කලු කොඩි දාන්න, මේ රට ජාතික ශෝක දිනයක් බවට පත් කරන්න. අර පරණ තප්පුලාපු විමල් වීරවංශ මහත්තයාගේ ශ්‍රි මුඛයෙන් ම මේ රටේ ජනතාවට කියන්න කිව්වා. මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට විකුණනවා කියලා මෙහේ ඇවිල්ලා ගිනි තියා ගන්න යනවා, මහා විශාල උද්ඝෝෂණ කරනවා, භූමි පුත්‍රයෙක් විදියට මෙහේ සැරිසරනවා. හැබැයි ඉන්දියාවට ගියාට පස්සේ කුක්කෙක් වගේ ගමට එකක්, රටට එකක්, ඉන්දියාවට එකක්. දැන් අපි අහන්නේ කොයි බදර්ද එන්නේ. 10% කොමිස් ගත්ත බ්‍රදර්ද?, මිග් යානා වලින් කොමිස් ගත්ත සහෝදරයාද? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වැඩිමහල් සහෝදරයාද? මේක බ්‍රදර්ලාට දෙන එක බොහෝම ප්‍රශ්නයක් එතුමලට”