කිරි පැකට් ගැන පාර්ලිමේන්තු විවාදයකට යමුද……?

0

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා අසනීප වූයේ කිරි පැකට් නිසා නොව ජන බලයට පැමිණි සෙනඟ දැකීමෙන් බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පවසා සිටියේ කිරි පැකට් සිද්ධිය ගැන අද රටේ ලොකු ආන්දෝලනයක් ඇති වී තිබෙන හෙයින් මේ සඳහා විවාදයකට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බවයි.

එම කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම වඩාත් සුදුසු බවත් මන්ත්‍රිවරයා පවසා සිටියා.

එසේම තරු පහේ හෝටල්වලින් කන බොන ඩලස් මන්ත්‍රීවරයා පාරේ ඉඳගෙන කිරි පැකට් පානය කරන බව විශ්වාස කර නොහැකි බවත් ඔහු සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here