ආණ්ඩුවේ නිල නොලත් අලුගෝසුවා පාතාලයයි….පාතාලයට අණ දෙන්නේ පොලිසියයි!

0

තම බලය රැක ගැනීමට මීනි මැරීමට පවා වර්තමාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සුදානම බව පාර්ලිමේන්තු මන්ත්‍රි කනක හේරත් පවසනවා.

අද (14) පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියා.

“ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිතුමාව ඉවත් කරන්න ඕන. මේ පිළිබඳව පරීක්ෂණ කරන්න බොහෝම දුර්වල කණ්ඩායමක් පත් කරලා තියෙන්නේ. පොලිස්පතිතුමාටත් ඒකේ චෝදනාව කෙලින්ම එල්ල කරනවා. ඒ නිසා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා මේ සඳහන් ස්වාධීන කණ්ඩායමක් පත් කරන්න කියලා. රටේ පොලිසියේ ඉන්න ඉහළ නිලධාරින් පොලිස්පති වෙන්න රටේ ඕනෑම කෙනෙක් ඝාතනය කරන්න හිතනවා. විශ්‍රාම ගිහින් ඉන්න පොලිස් නිලධාරින් අනාගතයේ දේශපාලනයට එන්න ඝාතන කරන්න ඒ අය බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ ආණ්ඩුව බලාපොරොත්තුවෙන් ඉන්නවා ආණ්ඩුවේ බලය රැක ගන්න ඕනෑම නායකයෙක් ඝාතනය කරන්න ත් මේ අය බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

“මේ රටේ පාතලය මෙහෙයවන්නේ පොලිසියද කියන එක ගැන අපිට සැකයක් තියනවා. ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා අලුගෝසුවෙක් වෙන්න එහෙත් ආන්ඩුවේ නිලනොලත් අලුගෝසුවා බවට පත් වෙන්න අද පාතාලය සමත් වෙලා ඉන්නවා. ඒකට උපදෙස් දෙන කණ්ඩායම හැටියට අද පොලිසිය පත් වෙලා තියනවා.” මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.

Kanaka Herath

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here