එජාපයේ කට්ටිය අද කෂාය බීපු ගොළුවන් වගෙයි…

0

ජනාධිපතිවරයා ඝාතන චෝදනා එල්ල වී ඇති ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සේවයෙන් පහකර විමර්ශනයක් පැවැත්විය යුතු යැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි.

ඔහු එසේ පැවැසුවේ පසුගියදා (14දා) එම පක්ෂය

රාජගිරිය වැලිකඩවත්තේදී ඊයේ(14)පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මෛත්‍රී ගුණරත්න සදහන් කළේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ දුරකථන හඬපටය දෙස විපරමින් බලද්දී අගමැති රනිල් වික්‍රමසිංහ දිගටම බලයේ තබාගැනීමේ වැඩපිළිවෙළක් දැනටමත් සකස් කරමින් පවතින බවයි.

මේ අනුව එජාපයේ වත්මන් නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ව්‍යවස්ථාව බලහත්කාරයෙන් වෙනස් කර බලයට පත්ව අවුරුදු 24ක්ම නායකයා ලෙස කටයුතු කරමින් 2030 දක්වාම බලයේ සිටීමට පිඹුරුපත් සකසමින් සිටින බවටද මෛත්‍රී ගුණරත්න චොදනා කර සිටියා.

“රනිල් ගැන අපි දන්නවා. ඇත්ත කතා කිරීම නිසා අපිට පක්ෂයෙන් යන්න වුණා. පක්ෂය වෙනුවෙන් ජීවිතය පවා විනාශ වෙන්න පුළුවන් බව දැනගෙනයි කටයුතු කරන්නේ”

“එජාපයේ කට්ටිය අද කෂාය බීපු ගොළුවන් වගෙයි කටයුතු කරන්නේ. කිසිවෙක් විරුද්ධව කතා කරන්නෙ නෑ. එජාප නායකයාට එරෙහිව කතා කිරීමට කශේරුකාවක් නැති පිරිස වැඩියි. මේ වනකොට අගමැතිවරයා බලය අතට අරගෙනයි ඉන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here