ජනාධිපතිවරණයක ඡන්ද ගනින්නේ හම්බන්තොට ඒවා විතරක් නෙමෙයි……

0

කට වචනයෙන් පැවසුවාට ආණ්ඩු පෙරලීමට නොහැකි බවත් ආණ්ඩුව පෙරලීමට නම් මැතිවරණයක් පැවතිය යුතු බවත් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

පහුගිය දා පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“ආන්ඩු පෙරලනවා කියලා නිකන් පෙරලන්න බෑ. එහෙම පෙරලනවා කියලා අවුරුදු ගණනාවක් කතා කළා. කවදාවත් ඒවා සාර්ථක වුණේ නෑ. ආණ්ඩු පෙරලන්න නම් මැතිවරණයක් එන්න ඕන. ලබන අවුරුද්දේ දෙසැම්බර් තමයි ජනාධිපතිවරණය. ඊලඟ අවුරුද්දේ තමයි මහ මැතිවරණය. ඒවායෙන් මිසක් බලය පෙරලියක් කරන්න බෑ. ඒකත් 50%ක් දිනා ගන්න ඕන ජනාධිපතිවරණයේ. මැතිවරණයේදි වැඩිම ප්‍රමාණය ගත්තේ 41%යි. ඒකත් ඒ පක්ෂයට සම්බන්ධ ස්වාධීන කණ්ඩායම් එක්ක. ජනාධිපතිවරණයේ ඡන්ද ගනින්නේ හම්බන්තොටින් විතරක් නෙමෙයි. මේ යථාර්ථයයි ඉ තේරුම් ගන්නඕන . කවුරු හරි කියනවා නම් අධිතක්සේරුවෙන් අපිට දිනන්න පුළුවන් අපිට ජනාධිපති වෙන්න පුළුවන් කියලා ඒක පට්ටපල් බොරුවක්. මංමුලා වීමක් සහ මංමුලා කිරීමක්.” අමාත්‍යවරයා පවසා සිටියා.