මම කඩේ යන්නේ මහින්දට විතරයි…

0

මහින්ද රාජපක්ෂ හැරුණු විට අනෙකුත් රාජපක්ෂවරුන්ට කඩේ යාමට තමාගේ කිසිදු සූදානම් නැති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පවසනවා.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් ඒ සඳහා දේශපාලන පලපුරුද්දක් සහිත පක්ෂයේ වෙනත් ජේෂ්ඨයකු ඉදිරිපත් කළ යුතු බවයි මන්ත්‍රීවරය සදහන් කරන්නේ.

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය රාජපක්ෂ පවුලට පමණක් සීමා කිරීම නුසුදුසු බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිධූරය දැරු සමයේ දි පවුලේ සාමාජිකයන් තැන දුන් බැවින් බොහෝ දෙනෙක් අමනාප වූ බවත් ඒ හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණය පරාජයට පත් වූ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ජනාධිපති අපේක්ෂකයන්ට රාජපක්ෂ පවුලේ අයෙකුටම දීමෙන් නැවතත් එම තත්ත්වයම ඇතිවන බවත් යම් හෙයකින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වුවහොත් එක්සත් ජාතික පක්ෂ විරෝධීන් නැවතත් ඒ පක්ෂයට එකතු වනු ඇති බවත් මේ සියළුම කරුණු සිතේ තබාගෙන ආණ්ඩු විරෝධි සටන මෙහෙයවිය යුතු බවද මන්ත්‍රිවරයා කීය.