රට ණය බරින් බේරාගන්නට රාජපක්ෂ දක්ෂ නෑ

0

පෙලපාලි යන්න පුඵවන් , සටන්පාඨ කියන්න පුඵවන් , සමාජ මාධ්‍ය ජාලාවලින් මඩගහන්න පුඵවන් නමුත් යුතුකම රටහදන කාර්යය නිසිපරිදි කිරීම යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මාතලේදී පෙරේදා(15) පැවසීය.

මාතලේ දිස්ත්‍රික්කයේ සමෘද්ධි සහනාධාර හිමිකම් ප්‍රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) දින මාතලේ, එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවැත්වු අතර එහිදි අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ “පෙළපාලි යන්නට දක්ෂ වියහැකි නමුත් , බණින්නට දක්ෂ වියහැකි නමුත් රට ණය බරින් බේරාගන්නට රාජපක්ෂ ආණ්ඩුවට නොහැකිවූ” බවයි.

ඊළග පරපුරට ණය භාරදීමට හැකියාවක් නැති අතර සැබෑ ආණ්ඩුවක යුතුකම වන්නේ අනාගත පරපුර වෙනුවෙන් මීටවඩා හොද අනාගතයක් බිහිකිරීම බව කී අග‍්‍රාමාත්‍යවරයා යහපාලන රජය එහි මූලික අඩිතාලම මේ වන විට දමා තිබෙන බව පැවසීය.