මෛත්‍රී ගෝඨා ඝාතන සැළැස්ම සුළුවෙන් තකන්න එපා…..පරීක්ෂණ යට ගැහුවොත් ප්‍රතිඵලය දරුණු වෙයි!

0

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණය පිළිබඳ විමර්ශනය කිසිවිටක යටපත් වීමට ඉඩ නොතබන ලෙස හිටපු ජනාධිපති රජයෙන් ඉල්ලා සිටිනවා.

ඊයේ (16) මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කලේ එම තත්ත්වය වඩාත් බරපතළ බවයි.

“ජනබල විරෝධතාවට බෙදාහැරිය විස සහිත කිරි පැකට්‌ කතාව රටේ ආන්දෝලනයක්‌ ඇතිකර යටපත් වුණා. මහ බැංකුව ගසා කෑ අර්ජුන මහේන්ද්‍රන්ගේ සිද්ධිය දැන් යටපත් වෙලා. මේ වගේ සෑම සිද්ධියක්‌ම රටේ මහත් ආන්දෝලනයක්‌ ඇතිකර තවත් ප්‍රවෘත්තියකින් ඒවා සියල්ලම යටපත් වුණා. දැන් තවත් කතාවක්‌ එළියට ආවා. සාක්‍ෂිකරුවන්ට බලපෑම් කර සමහර සිද්ධීන් එක එක විදිහට යොදා ගත්තා. ඒවා යටපත් වුණා. කුමන්ත්‍රණ කතාවේ “කටහඬ” ටේප් කරගෙන තිබෙන්නේ ඉතාම අවධානයෙන් යුතුවයි.” හිටපු ජනාධිපතිවරයා පවසා සිටියා.

Mahinda Rajapaksa