ජවිපෙ, ප්‍රා, ත්‍රා, උකුස්සා වගේ ත්‍රස්තවාදීත් අද නිදැල්ලේ ඉන්නවා….යුද්ධයේ පාර්ශව දෙකටම පොදු සමාව දෙන්න!

0

ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ දෙපාර්ශවය වූ ලංකා හමුදාවට හා එල්ටීටීඊ සංවිධානයට පොදු සමාව දිය යුතු බව අමාත්‍ය පාඨලි චම්පික රණවක සඳහන්කරනවා .

අද (17) පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“ඇතැම් දෙමළ දේශපාලකයින් කියන්නේ එල්ටීටීඊයට දඩුවම් කරන්න එපා, හමුදාවට දඬුවම් කරන්න කියලා. තවත් පිරිසක් පුද්ගලික අපරාධයකටවත් හමුදාවේ අයව අත්තඩංගුවට ගන්න බෑ කියලා. මේ රටේ එල්ටීටීඊ ත්‍රස්තවාදය විතරක් නෙමෙයි ඇති වුණේ. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලත් ත්‍රස්තවාදය තමයි. ප්‍රා, ත්‍රා උකුස්සා ආදි සංවිධාන පිහිටුවා ගෙන ඝාතන කළා. ඒ අයත් අද නිරුපද්‍රිතව ඉන්නවා. ඒකත් අද එක්තරා ආකාරයක නිල නොවන පොදු සමාවක්. ඒ නිසා අපි ඉල්ලා හිටිනවා මේ හැම දෙනාගේම අපරාධ පිළිබඳව වර්ගීකරණයක් කරන්න. යුධ හමුදා කාර්යය සාධාරණීකරණය කිරීම සඳහා ශ්‍රි ලංකා යුධ හමුදාවට පොදු සමාව දීලා, සංවාදයට විවෘත කරන්න. අත්තඩංගුවේ දැනට සිටින එල්ටීටීඊ සාමාජිකයන්ගේත් යුධ අභිමතාර්ථ සාධනය කිරීම වස් යම් කිසි පොදු සමාවක් දෙන්න. ඔවුන්ටත් ඉදිරියට යන්න දෙන්න. හැට ගාණයි ඉන්නේ. ඒවගේම පෞද්ගලික අභිමර්ථ සඳහා අපරාධ කරලා තියනවා නම් ඒ ගොල්ලන්ට කඩිනමින් නඩු පවරලා ඒ ප්‍රශ්නයත් එතැනින් විසදන්න.” අමාත්‍යවරයා පවසා සිටියා.

Champika Ranawaka