2020 රාජ්‍ය නායකත්වය එජාපයට……!

0

1994 දි එක්සත් ජාතික පක්ෂයෙන් ගිලිහි ගිය රාජ්‍ය බලය 2020 දි නැවත ලබා ගැනීමේ මෙහෙයුම මේ වන විට අරඹා ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසා සිටියා.

ඊයේ (17) පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේ දි පැවති දිවංගත ජේ.ආර්.ජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 112 වන ජන්ම දින සැමරුමෙන් පසුව මාධ්‍යවේදින් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

2020 දී රාජ්‍ය නායකත්වය සහිත එක්සත් ජාතික පක්ෂ රජයක් බලයට ගෙන එන බවයි ඔහු සඳහන් කළේ.

ජනතාව 1977 වසරේ දී එක්සත් ජාතික පක්ෂ රජය ලබා දුන් සහන සහ රැකී රක්ෂා අවස්ථා පිළිබඳ අදටත් සිහිපත් කරන බව පෙන්වා දුන් මහලේකම්වරයා, ඉදිරියේ දී තවදුරටත් එක්සත් ජාතික පාක්ෂිකයන් ප්‍රමුඛ සියලු දෙනාට සහන ලබාදීමේ වැඩපිළිවෙල ශක්තිමත්ව සහ වේගවත්ව ක්‍රියාවට නංවන බවත් මෙහිදි පවසා සිටියා.

Akila Viraj Kariyawasam

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here