ඖෂධ හා උපකරණ මාෆියාවේ නටබුන් තව ඉතුරුයි……, සෞඛ්‍ය අයිතිය වෙනුවෙන් ජනතාව පෙරට ආ යුතුයි!

0
ශ්‍රී ලාංකික පුහුණු උපාධි හෙද හෙදියන් සදහා විදේශිය රටවලින් රැකියා සදහා ඉල්ලුමක් ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසනවා.

අරලියගහ මන්දිරයේ රැස්වීම් ශාලාවේ ඊයේ (20) පෙරවරුවේ පැවැති සෞඛ්‍ය සේවාවේ පුහුණුව සදහා හෙද හෙදියන් 1482 කට ස පත්වීම් ලිපි ප්‍රදානය කිරිමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ශ්‍රී ලංකාව තුල උපාධිධාරි හෙද හෙදියන් බිහි කිරිම සදහා කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව ජයවර්ධනපුර රෝහල් භූමියේ හෙද පීඨය ස්ථාපිත කරනවා. එම හෙද පීඨය තුලින් උපාධිධාරි හෙද හෙදියන් 2000 ක් රෝගී සත්කාරක සේවා වලට එක් කිරීම අපේ අරමුණයි. පුහුණු කාලය තුල දී නේවාසික පහසුකම් ලබාදීමට ද නියමිතයි. මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් කෝටි 1650 ක් වැය කරනවා. උපාධිධාරි හෙද හෙදියන් සදහා ඇමරිකාව, බ්‍රිතාන්‍ය වැනි රට වලින් විශාල ඉල්ලුමක් පවතිනවා. එය විදේශ රැකියා වෙළෙද පොල කරා ප්‍රවිශ්ඨවීමට ඇති හොද අවස්ථාවක්. සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වත්මන් රජය වැඩියෙන් මුදල් වැය කරනවා. 2017 වසරේ දී ජාතික අයවැයෙන් සෞඛ්‍ය සදහා සියයට 3.24 ක් වෙන් කර තිබුනා. අධ්‍යාපනය සදහා සියයට 4 ක් වෙන් කර තිබුනා. බෝනොවන රෝග පාලනය කිරිම සදහා විධිමත් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව විධිමත් කිරිම තුලින් මැලේරියා, රුබෙල්ලා වැනි රෝග වලින් නිදහස්වීමේ සහතික ලෝක සෞඛ්‍ය සංවිධානය පිරිනමා තිබෙනවා.”

“2019 වසරේ දී මවගෙන් දරුවාට බෝවෙන එච්.අයි.වී පාලනය කිරීමේ සහතිකය ලැබෙන අතර, වසර 2020 දී සරම්ප රෝගයෙන් තුරන්වීමේ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදීමට නියමිතයි. ඉන් පසු ඩෙංගු සහ එච්.අයි.වී ඒඩ්ස් පාලනය කළ යුතුයි. ලෝක දුම්කොළ පාලනය කිරීමේ ප්‍රඥප්තියේ කොන්දේසි සියයට 90 ක් ඉටු කර ඇති රට ශ්‍රී ලංකාවයි.”

“සිගරට් අසුරණවල රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරිම, සියයට 90 දක්වා බදු වැඩි කිරිම, පාසල් අවට මීටර් 100 දුරින් දුම්වැටි අලෙවි කිරිම තහනම් කිරිම, ප්ලේන් පැකේඡින් ක්‍රමය හදුන්වා දීම වැනි ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. තනි සිගරට්ටුව අලෙවි කිරීම තහනම් කිරිම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල පළමු අදියර යටතේ අඩු කළ අතර, දෙවන අදියර යටතේ ඖෂධ වර්ග 25 ක මිල අඩු කර තිබෙනවා. අක්ෂි කාච, ස්ටෙන්ස් මිල ද අඩු කර තිබෙනවා. පසුගිය කාලයේ සෞඛ්‍ය සේවාව තුල සිදු වූ මාෆියා ක්‍රමය නැති කර තිබෙනවා. ඇතැම් වෛද්‍යවරුන් නොමිලේ ලබාදෙන ස්ටෙන්ස්, අක්ෂි කාච නොමැති බව ප්‍රකාශ කරමින් රෝගීන් අසීරුතාවයට පත් කිරීමේ සිද්ධීන් ද වාර්තා වෙනවා.”

“එදා තිබූ මාෆියාවල ඇටසැකිලි තවමත් තිබෙනවා. එවැනි සිද්ධීන් පරාජය කරමින් ඉදිරියට ගමන් කළ යුතුයි. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ වෛද්‍යවරුන් හෘදයේ කපාටයක් විවෘත කර සැත්කමක් සිදු කළා. එය ශ්‍රී ලංකාවේ සිදු කළේ ප්‍රථම වරටයි. එක සැත්කමක් සදහා රුපියල් ලක්ෂ 20 පමණ මුදලක් වැය වනවා. නමුත් නොමිලේ සිදු කරන සෞඛ්‍ය සේවාව තුලින් එවැනි සේවාවන් ලබාදිය යුතුයි. ඇතැම් සැත්කම් සදහා මුදල් නොමැති රෝගීන්ට සෞඛ්‍ය සංවර්ධන අරමුදල මගින් මුදල් ලබාදෙනවා. අපගේ අරමුණ අහිංසක රෝගී ජිවිත බේරා ගැනීමයි. සෞඛ්‍ය සේවාව තුල බදවා ගන්නා හෙද හෙදියන්ගේ සංඛ්‍යාව ද වැඩි කර තිබෙනවා. හෙද පුහුණු පාසල් 05 ක් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. එම නිසා රෝගියාට හොද සේවාවක් ලබාදෙන ලෙස මම සියලුම සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා.”

Rajitha Senaratne