අගමැති කිව්වේ නම් නළුවෙක් නෙමෙයි මොළයක් කියලා…..දැන් නම් රටම දන්නවා එයා වැඩ බැරි අගමැති කියලා

0

රුපියල අවප්‍රමාණ වීමට ප්‍රධාන හේතුව රටේ තිබුණු විදේශිය ආයෝජන ඉවත්ග් කර ගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර පවසනවා.

ඒකාබද්ධ විපක්ෂය විසින් අද (21) කැඳවා තිබු මාධ්‍ය සාකච්ඡාවකදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

“ලංකාවේ මේ රුපියල අවප්‍රමාණ වීමට ප්‍රධාන හේතුව තමයි අපේ රටට එන ආයෝජන සම්පූර්ණයෙන්ම ඉවත් කරගෙන තිබීම. ඩොලර් මිලියන 400ක බැඳුම්කර වල තිබිච්ච ආයෝජන ඉවත් කරගෙන තියනවා. එහෙම නැතුව මේ ඇමෙරිකාවේ ණය පොලිය ඉහළ යාම නිසා නෙමෙයි. අගමැතිතුමා මුලින්ම 2015 දි බලයට එද්දි කිව්වේ මම කළුවෙක් නෙමෙයි මොළයක් කියලා. අද රටේ තියන ආර්ථික අර්බුදයක එක්ක ජනතාව කියන්නේ වැඩ බැරි අගමැති කියලා. පොලිස්පතිතුමාගේ හැසීරිම විහිළුකාරයි. අගමැතිතුමා පොලිස්පතිතුමාට ඉවත් වෙන්න කියලා කිව්වා කියලා නම් අපිට පිළිගන්න අමාරුයි. පොලිස්පතිතුමා හිටපු ආරක්ෂක ලේකම්තුමාව, ජනාධිපතිතුමාට ඝාතනය කරන්න සැළසුම් කළේ අගමැතිතුමාව පුම්බන්න. එහෙම එකේ අගමැතිතුමා මොකටද පොලිස්පති ඉවත් කරන්නේ.” මන්ත්‍රිවරයා සඳහන් කළා.