රෝහණ විජේවීර ඝාතනය නිහඬව ඉවසා සිටීම අද පවතින තත්ත්වයට පාර කැපුවා…

0

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ නායකත්වයෙන් යුත් අතුරුදහන් පිළිබඳ කාර්යාලය සිය නිර්දේශ ඇතුලත් වාර්තාව බාර දීමත් සමගම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුදා නිලධාරීන් ගලවා ගැනීමට සුදානම් වන බවත් එය කිසිසේත් අනුමත කළ නොහැකි බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

ජනාධිපතිවරයා ගේ වර්තමාන ක්‍රියා කලාපය දිගටම පවත්වාගෙන ගියහොත් ඔහුට පිළිතුර දීමට අගමැතිවරයාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයටත් නොහැකි වනු ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

“යුක්ති සහගත මනුෂ්‍ය ඝාතන හා අතුරුදහන් කිරීම්” යනුවෙන් වූ සම්මන්ත්‍රණයක් අමතමින් වික්‍රමබාහු කරුණාරත්න සදහන් කලේ එය එදා සාධාරණ සමාජයක් සඳහා ගත්තු ක්‍රියාමාර්ග වලට පටහැනි තීන්දුවක් බවයි.

කොළඹ සහ ඒ අවටින් 2008-2009 සමයේ 11 දෙනකු පැහැරගෙන ගොස් වධහිංසා කොට මරා දමන ලද බවට චෝදනා ලබන නාවික හමුදා නිලධාරීන්ට නීතියෙන් වසං වී සිටීමට ආධාර අනුබල දුන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට රහස් පොලිසියට කටඋත්තර නොදී මෙක්සිකෝව බලා යාමට ඉඩ සැලසීම විවේචනයට ලක්කල ආචාර්යවරයා සදහන් කළෙ පැහැරගන්නා ලද එම පිරිස ඇතුළු පුද්ගලයන් ත්‍රස්තවාදීන් ලෙස නම් කොට හමුදා අත්අඩංගුවේ දී ඝාතනය කිරීම රජය විසින් අනුගමනය කරන නීති විරෝධී කටයුත්තක් වන බවයි

ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමී නායක රෝහණ විජේවීර තිස් අවුරුද්දකට ඉහතදී අත්අඩංගුවේ දී ඝාතනය කිරීම ශ්‍රී ලාංකික සමාජය නිහඬව ඉවසා සිටීම අද පවතින තත්වයට මගපාදා ඇති බවද ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here