බුද්ධි අංශය දෙන තොරතුරු ආණ්ඩුව ගණන් ගන්නේ නෑ….රටේ ආරක්ෂාව කඩා වැටිලා….

0

යුද්ධ හමුදා බුද්ධි අංශ ලබා දෙන කිසිම තොරතුරක් මේ ආණ්ඩුව ගනන් නොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

පසුගිය දා පොළොන්නරුවේ පුලතිසි මණ්ඩපයේ පැවති එළිය වැඩ සටහනක් අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියා.

“තමුන්නාසේලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වටා එක් රැස් වෙලා ඉන්නේ එතුමා ගෙනගිය ඒ වගේම එතුමා ඉදිරියට ගෙනයන ප්‍රතිපත්ති මාලාවක් නිසයි. එදා බණ්ඩාරනායක ශ්‍රී මතාණන් ගෙනා ප්‍රතිපත්ති මලාව පදනම් කරගෙන ගොඩනැඟුණු මහින්ද චින්තනය වටා තමුන්නාන්සේලා එක් රැස් වෙලා ඉන්නේ. රාජපක්ෂ පාලනය තිබුණු පසුගිය අවුරුදු 09 තුළ ප්‍රතිපත්ති ගෙනගියේ ප්‍රධාන වශයෙන්ම මේ රටේ ස්වෛරීත්වය, ඒකීයභාවය සහ ආරක්ෂාව තහවුරු කරගෙනයි. අවුරුදු 30ක් පැවැති ත්‍රස්තවාදී යුද්ධය අවසාන කරලා මේ රටට සාමය ගෙනැල්ලා සංවර්ධනය කරන්නට යෙදුණු ඒ නිර්භීත නායකත්වය නිසයි මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා තමුන්නාන්සේලා එක් රැස් වන්නේ.”

“අද සෑම කෙනෙක්ම කතා කරන දේ තමයි මේ ආර්ථිකයේ කඩා වැටීම. තමුන්නාන්සේලා දන්නවා මේ රටේ යුද්ධයක් තිබිලා ඒ යුද්ධය ආර්ථිකයට විශාල බරක් වෙලා තිබුණා. එහෙම තියෙද්දීත් මහින්ද රජපක්ෂ ජනාධිපතිතුමාට පුළුවන්කම තිබුණා මේ රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න.”

“නමුත් ජනවාරි 08 වැනිදා එදා ඇතිවුණු පෙරළියත් සමඟ මේ රට භාර ගැනීම පිළිබඳව කිසිම සැලැස්මක් නොතිබුණු නිසා එදා කරගෙන ගිය යටිතල පහසුකම් සංවර්ධනය නවතා දැම්මා. ඒ ඔවුන්ගේ අදූරදර්ශී ක්‍රියාමාර්ග, දේශපාලන පළිගැනීම් හේතුවෙන්. ඒ අනුව මත්තල ගුවන්තොටුපොළ, වරාය වැනි යටිතල පහසුකම් නවතා දැම්මා. අවුරුදු දෙකහමාරක් තිස්සේ මේ ව්‍යපෘතීන් නැවතුණු නිසා කොන්ත්‍රාත්කරුවන්, උප කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් මේ සියලු දෙනාගේම ව්‍යාපාර නැවතුණා. මේ නිසා හාර ලක්ෂයකට අධික රැකියාවන් නැතිවෙලා ගියා. මේ අයට තිබුණේ නෑ කිසිම සැලැස්මක් ආර්ථිකය ගැන. ඒ වගේම මේ අයගේ මූලික අරමුණ වුණේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගන්න.”

“හමුදාවේ බුද්ධි අංශයේ් පොලිසියේ විශාල සංඛ්‍යාවක් අද හිරබත් කනවා. එදා අපේ ආණ්ඩුව යටතේ ඉතා වැදගත් පොලිස්පතිවරු සේවය කළා. නමුත් අද පොලිස්පතිවරයාගේ හැසිරීම නිසා එතුමා විහිළුවක් බවට වෙලා සමාජය තුළ. මේ ආණ්ඩුව කරන්නේ රාජපක්ෂවරුයි, සියලුම දේශපාලන විරුද්ධවාදීනුයි රිමාන්ඩ් කරන එක විතරයි. දැන් මේ ආණ්ඩුව අලුත් උසාවියක් හැදුවා. ඒ උසාවියේ පරමාර්ථය වුණේ මේ රටේ ආර්ථිකය කඩාවැටීමට හේතුවන දූෂණ කළ අය රිමාන්ඩ් කරන්න. රටේ ආර්ථිකය කඩා වැටීමට හේතු වන දූෂණවලට එරෙහිව නඩු අහලා වැරැදිකරවෝ හිරේ දාන්නයි මේ උසාවිය ඇති කළේ. එහි මුලින්ම ඉදිරිපත් කරපු නඩුවක් තමයි එදා බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂය අතහැරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇති කරන කොට බණ්ඩාරනායක මහත්තයාගේ පිටිපස්සෙන් ගිය ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ සොහොන හදන්න වැය කළ මුදල පිළිබඳ නඩුව. අද වෙන කොට මේ රුපියල කඩා වැටෙන්නේ මේ ඩී.ඒ. රාජපක්ෂ ස්මාරයක හදපු නිසා. මේවා විහිළු.”  ඔහු පවසා සිටියා.

Gotabhaya Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here