නාමල් රාජපක්ෂගෙන් ජනපතිට පැසසුම්….!

0

එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලය ඉදිරියේ ජනාධිපතිවරයා සිදු කළ දේශනය පිළිබඳව තමා ඉතා සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සඳහන් කරනවා.

ඊයේ (27) පැවති උත්පසවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

ජනාධිපතිවරණය එනවා කවුද ඔබලාගෙන් ඉදිරිපත් වෙන්නේ? පවුලේ කෙනෙක් ද?

“රටම ඉල්ලන නායකයෙක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දානවා.”

ඒකාබද්ධ විපක්ෂයේ සමහර මන්ත්‍රිවරු අකමැත්ත ප්‍රකාශ කරලා තියනවා නේ?

“අකමැත්ත නෙමෙයි අදහස් පල කරලා තියෙන්නේ. ඒකේ තියෙන විශේෂම කාරණ ය තමයි ඔය සියළු දෙනාම මහින්ද රාජපක්ෂගේ නායකත්වය පිළිගන්නවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය පිළි ගන්නේ නෑ කියලා ප්‍රකාශ කරලා නෑ. ඒ නිසා මම හිතන්නේ අපි කලබල විය යුතු නෑ.”

ජනාධිපතිවරයා එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලය ඉදිරියේ කිව්වා අපේ ප්‍රශ්න අපිට විසද ගන්න දෙන්න කියලා?

“ඇත්තටම අපි සතුටු වෙනවා, ජනාධිපතිතුමා අවුරුදු 3 1/2 පස්සේ යථාර්ථය අවබෝධ කරගෙන. කලින් වතාවේ ඔය සමුළුවටම ගිහිල්ලා ලංකාව ඇමෙරිකාව එක්ක ගෙනාපු ඒකාබද්ධ යෝජනාව ක්‍රියාත්මක කරනවා කියලා එතුමා කිව්වා. හැබැයි ලංකාවට ආවට පස්සේ එතුමාට තේරෙන්න ඇති ඒක ප්‍රායොගික ගිවිසුමක් නෙමෙයි මේ රට හා ශ්‍රි ලාංකිය සමාජයම බිද වැටෙනග් ගිවිසුමක් කියලා. අද එතුමා ඒකෙන් බැහැර වෙලා අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාම විශ්වාස කරපු රටේ විසදුම රට තුළම විසද ගන්න ඕන කියන මතයට ඇවිල්ලා තියනවා.”

Namal Rajapaksa