පොලිසිය පාලනය කරන්නේ මද්දුම බණ්ඩාර නෙමෙයි…සාගලයි, රනිලුයි!

0

ජනාධිපති සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ පැහැදිලි දේශපාලන වාසිය අගමැති රනිල් වික්‍රමසිංහට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පවසනවා.

ඊයේ (27) කැඳවා තිබු මාධ්‍ය හමුව අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ වෙලාවේ ඝාතනය කළොත් ඒකේ පැහැදිළි දේශපාලන වාසිය එන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ඒ වගේම ඔහු ඊලඟ වාරයේ ජනාධිපති වෙන්න සැළසුම් කරමින් ඉන්න නිසා ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් ගෝඨාභය ගේ නම මතුවෙන නිසා ගෝඨාභය ඝාතනය කිරීමේ පැහැදිළි වාසියත් රනිල් වික්‍රමසිංහට හිමි වෙනවා. තාමත් පොලිසිය පාලනය කරන්නේ රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිවරයා නෙමෙයි. තාමත් පොලිසිය පාලනය කරන්නේ සාගල රත්නායක ඇමතිවරයා හරහා අගමැති රනිල් වික්‍රමසිංහ. මේ අතර පොලිස්පතිගේ ගිණුමට රුපියල් මිලියන 12 චෙක්පත් ඇවිල්ලා තියනවා කියලා තොරතුරු හෙලි වෙලා තියනවා. ට්‍රිනිටි එකේ විදුහල්පති වෙච්ච හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව මරන්න සැළසුම් කළ LTTE සංවිධානයට සම්බන්ධ යැයි සැක කළ රොඩ්නු විල්ෆ්රඩ් ට ආරක්ෂිතව රටෙන් පිට වෙන්න උදව් කළෙත් දැන් ඉන්න පොලිස්පති ඒ කාලයේ නුවර නියෝජ්‍ය පොලිස්පති වෙලා ඉන්න කාළයේ. ඒ නිසා අපි නැවත කියන්නේ වහාම නීතිය හා සාමය අමාත්‍යංශය ජනාධිපති යටතට ගන්න. එහෙම නැත්නම් මේ පරීක්ෂණ සියල්ල යට ගහන්න කටයුතු කරාවි.” මන්ත්‍රිවරයා සඳහන් කළා.

S. B. Dissanayake

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here