ගෝඨාභයට ආරක්ෂකයින් 70ක්…..දිනකට ලක්ෂ 35ක්…..දෙයියෝ සාක්කි!

0

ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව සදහා රජය දිනකට රුපියල් ලක්ෂ 35 කට වැඩි මුදලක් වැය කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නී.අමාත්‍යවරයා සදහන් කලේ ගෝඨාභයගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිළධාරීන් 70ක් යොදවා ඇති බවයි.

“ආරක්ෂාව ගැන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් ඇහුවාම එතුමා ඒ ගැන සෑහීමකින් වගේ කතා කළා. අපි දැන් මේක සසදන්න එපැයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඔහුට ආරක්ෂක භටයෝ 70 ක් ඉන්නවා. එතකොට අර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයාට, එතුමා හිටපු හමුදාපති වර්තමාන කැබිනට් ඇමති. මම බැලුවා එහෙනම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට 70 ක් දීලා තියනවා නම් සරත් ෆොන්සේකා මහතාට 170 ක් වත් දීලා ඇති කියලා පොඩ්ඩක් හොයලා බැලුවා. අනේ එතුමාට දීලා තියෙන්නේ STF එකෙන් 6 දෙනයි. ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් 14 දෙනයි. ඔක්කොම 20 යි,”

“අපි අවශ්‍ය ආරක්ෂාව දීලා තියනවා. සාමාන්‍යයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් සාමාන්‍යයෙන් දවසකට රජයට ලක්ෂ 35 ක් විතර වියදම් වෙනවා ඒ ආරක්ෂාව වෙනුවෙන්, ඒ සාමාන්‍යයෙන් මම හදලා බලපු ගාණක් නිශ්චිත ඉලක්කම් නෙමෙයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here