ආණ්ඩුවට මාධ්‍ය මර්දනයකට යන්නේ නෑ… දේශපාලකයන් ඉස්සරහා කොන්ද අංශක 45කින් නවන්න ඕනෙ නෑ

0

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක මුල්ගල නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම සහ මාධ්‍ය නිදහස යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයට වසර 20ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව නිල වශයෙන් ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (27) පස්වරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ පැවැති උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ආණ්ඩුවට මාධ්‍ය මර්දනයකට යෑමේ හෝ ස්වයං වාරණ පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

2015 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සැප්තැම්බර් මාසේ 28 වෙනිදා ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය හැටියට නම් කිරීමෙන් පසුව පැවැත්වෙන තුන්වෙනි සමු`ළුව වෙනුවෙන් අද මේ ස්ථානයේ මෙවැනි වැඩමුළුවක් එහෙමත් නැතිනම් සම්මන්ත‍්‍රණයක්, රැස්වීමක් සංවිධානය කිරීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා. විශේෂයෙන්ම අපේ රජයේ දිස්ත‍්‍රික් ලේකම්වරුන් ප‍්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ප‍්‍රධාන නිලධාරීන් වගේම අපේ අනාගත නායකත්වය භාර ගැනීමට සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් මේ තුළින් දැනුවත් කිරීම ඉතාමත් කාලෝචිතයි කියලා මං හිතනවා. කෙනෙකුට තොරතුරු ලබා ගැනීමේ හා දැනගැනීමට තියෙන අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් හැටියට 1948 Universal Declaration of Human Rights හෙමත් නැත්නම් ඒ විශ්ව සම්මුතිය හරහා මුළු ලෝකයම වගේ පිළිගෙන තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම පසුගිය දශකයක් වැනි කාලයක් තුළදී තමයි මේ ලෝකයේ බොහෝ රටවල් මෙම සම්මුතිය තම තමන්ගේ රටවල් වල සම්මත කරගන්නේ.

පසුගිය අවුරුදු 8 තුළදී සම්මත වූ රටවල් ගණන සත්ගුණයකින් විතර වැඩිවුණා. ඒ විතරක් නෙවෙයි ලංකාවෙ අපිත් මෙම පනත ගේන්නට විශාල සටනක් අරගලයක් කළා. මම හිතන්නේ අද අපේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා එහෙමත් නැතිනම් විශේෂ අමුත්තා හැටියට පැමිණ සිටින අපේ වර්තමාන කථානායකතුමාල කරු ජයසුරිය මැතිතුමා තමයිවිපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් හැටියට පසුගිය පාර්ලිමේන්තුවේ මේ පනත මේ රට තුළ සම්මත කර ගැනීමේ දී කරපු අරගලයට නායකත්වය දුන්නේ. ඇත්ත වශයෙන්ම මට මතකයි එතුමා පෞද්ගලික මන්ත‍්‍රීවරයෙක්ගේ යෝජනාවක් හැටියට කෙටුම්පත් කරලා තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට භාර දුන්නා.

නමුත් එවකට හිටපු පාලකයන් එතුමාටත් හූ කියලා එතුමාටත් කෑ ගහලා එම යෝජනාව අඩුමගානෙ පාර්ලිමේන්තුවේ සාකච්ඡුා කරන්නටවත් ඉඩක් ලබා දුන්නෙ නෑ.නමුත් 2015 දී නව රජය පත්වීමත් සම`ගම තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම අප රජයේප‍්‍රමුඛ බලාපොරොත්තුවක් වුණා. ඒ අනුව 2016 දී මේ පනත සම්මත කරගෙන මේ වෙනකොට තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව තුළඇතිදැනුම ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩිවෙලාග එයින් ලබාගත යුතු වාසි ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ තොරතුරු දැනගැනීමේ පනත කොයිතරම් සාර්ථක වුණාදැයි කියතොත් අද බොහෝ වේලාවට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත‍්‍රීවරු එදා කරූ ජයසූරිය මන්ත‍්‍රීතුමා විසින් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ගේනකොට එතුමාට කෑගහපු මන්තී‍්‍රවරුඇමතිවරුම අද තොරතුරු දැනගැනීමේ පනත අනුව අපේ ආණ්ඩුවේ ක‍්‍රියාකාරකම් ගැන දැනගෙන ඒ තොරතුරු පදනම් කරගෙන දැන් අපෙන්ම ප‍්‍රශ්න අහනවා. ඒක හො`දයි. මේක එපා කියපු අය අද මේකෙන් උපරිම ප‍්‍රයෝජන ගන්නවා.

දේශපාලනඥයන්ට විතරක් නෙවෙයි මේකෙ තියෙන වාසිය මේ රටේ අර දැන් චිත‍්‍රපටියෙ පෙන්නුවා වගේ හැම පුරවැසියෙකුටමලබාගන්න පුළුවන්. මොකද තොරතුරු දැනගැනීමේ පනතත් සම`ග අද දේශපාලනඥයින්ට විතරක් නෙවෙයි රජයේ නිලධාරීන්ට වෙනත් නිලධාරීන්ට සියළු දෙනාම ගන්න හැමතීන්දුවකම විනිවිද භාවයක් තියෙන්නට ඕනැයි කියන එක හැම වෙලාවෙම හිතේ තියෙනවා. තමන් ගන්න තීන්දුව ගැන ප‍්‍රශ්න කරන්නට පුලූවන් කියන බව හො`දින් දන්නවා. ගමේ පාරක් හදන්න ටෙන්ඩර් එකක් දෙනවනම් ඒ සම්බන්ධයෙන් ගමේ ඉන්න මනුස්සයෙක් තොරතුරු දැනගැනීමේ අයිතිය අනුව ඉල්ලීමක් කළොත් ඒකෙ සියළුම විස්තර ඔහුට ලබා දෙන්න අවශ්‍ය බව ඔවුන් දන්නවා. ඒ තුළින් ඒ ටෙන්ඩරය ලැබිය යුත්තාට දුන්නද එහෙමත් නැත්නම් අවශ්‍ය මිළටත් වඩා වැඩි ප‍්‍රමාණයකින් තමන්ගේ හිත මිතුරෙකුට දුන්නද කියලා දැනගන්න පුළුවන් අයිතිය තියෙන බවත් දන්නා නිසා ඇත්ත වශයෙන්ම මේ රට තුළ පිරිසිදු විනිවිද පාලනයක් ස`දහා අපි පාර කපලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ජෝසෆ් ස්ටිග්ලිට්ස්කියන නොබෙල් ත්‍යාග ලැබූ විශේෂඥයාත් මේ ගැන කියනකොට කිව්වේ තොරතුරු දැනගැනීමේ නිදහස තියෙන රටක පුරවැසියාගේ වර්ධනය වෙනුවෙන් ගන්නා තීන්දු වඩාත් ශක්තිමත් වෙනවා. විශේෂයෙන්ම විවිධ නිලධාරීන් , දේශපාලනඥයන්ට තම තමන්ට ඕනෙ විදියට ජනතාවට හංගලා වෙනස් කරන්න බැරි බවත් එතුමා පෙන්වා දුන්නා.

ඒ විතරක් නෙවෙයිි ඇත්ත වශයෙන්ම ජනමාධ්‍යවේදීන්ට මේ තුළින් ඕනෑම තොරතුරක් ගන්න පුළුවන්. නමුත් මම කණගාටු වෙනවා මේ තොරතුරු දැනගැනීමේ පනත තිබියදීත් අද බොහෝ ජනමාධ්‍යවේදීන් තවමත් අර ඕපාදුප ලියලා තමන්ට අහන්නට ලැබෙන දේ ඇත්තද නැද්ද කියලා තොරතුරු දැනගැනීමේ පනතෙන් හෝ දැනගන්නෙ නැතුව ලේසියට ඇහෙන දේ අර fake news එකක් විදියට ඉදිරිපත් කරනවා. ඇත්ත වශයෙන්ම මේ පනතත් එක්ක කාටවත් බොරු ලියන්න ඕනෙ නෑ. තමන් ලියන දේ සනාථ කරන්න පුළුවන් කරුණුත් එක්කම ලියන්න පුළුවන් වාතාවරණයක් අපි ඇති කරලා තියෙනවා. අන්න ඒ නිසා තමයි අපි මේ තොරතුරු දැනගැනීමේ පනත ගැන මීටත් වඩා ජනතාව දැනුවත් කරලා හැම කෙනෙක්ම තමන්ගෙ ගමේ තමන්ගෙ රටේ තමන්ට සම්බන්ධ යම් දෙයක් සිදුවනවානම් ඒදේ ගැන දැනගැනීමට අවශ්‍ය තොරතුරු දින 14ක් ඇතුළත ලබා දෙන්නට මේ පනත යටතේ අපි බැ`දී සිටිනවා. අන්න ඒ නිසා තමයි මං ඉතාමත්ම සතන්තෝස වෙන්නෙ පනත ගැන දැනුවත් කරන්නට අපේ මාධ්‍ය අමාත්‍යාංශය හරහා දැන් විශාල වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වෙනවා. වැඩමුළු තියනවා ගමින් ගමට කොට්ඨාශෙන් කොට්ඨාශෙට යනවා. ඒ වගේම දැන්වීම් ආදියෙනුත් ක‍්‍රියාත්මක කරලා සියළුම ජනතාව සහභාගී වන තරු හතේ ක‍්‍රියාකාරී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් හැටියට අපි ශ්‍රි ලංකාව ඉදිරියට ගෙන යා යුතුයි කියලා මම යෝජනා කරනවා.

අවසාන වශයෙන් තව එක කාරණාවක් කියන්න පුළුවන්ග ඒකට කෙළින්ම සම්බන්ධ නොවුණත් මං හිතුවා මේක හො`ද අවස්ථාවක් කියලා. මේක මං ඉස්සෙල්ලත් කියලා තියෙනවාග විශේෂයෙන්ම මගේ දිස්ත‍්‍රික්කයේ මාතරදි නම්. දැන් අපි මෙතන තෑගි දෙනකොට ඒ සහතික දෙනකොට මේ ආපු ඒ පාසල් දරුවන් බොහෝ දෙනා ආපු ගමන්ම පෙරළිලා දණගහලා අපිට වැන්දා. ඇත්ත වශයෙන්ම ඒක මම ඒ දරුවන්ට දොස් කියන්නෙ නෑග එහෙම තමයි උගන්නලා තියෙන්නෙ. නමුත් මම විශේෂයෙන්ම මේ දරුවන්ගෙන් ඉල්ලන්නෙ කරුණාකරලා දෙන හැම සහතිකේටම කොන්ද නවාගෙන පෙරළිලා ව`දින සංස්කෘතිය අපි නවත්වන්න ඕනෙ. අපි කොන්ද කෙළින් තියාගෙන ඉන්න පුළුවන් දරුවන්ල වැඩිහිටියන් ඉන්න රටක් නිර්මාණය කරන්න ඕනෙ. ව`දින එක හො`දයි නමුත් ව`දින්න ඕනෙ කාටද කියලා අපි දැනගන්න ඕනෙ.තමන්ගෙ දෙමව්පියන්ට ව`දින්නම ඕනෙ. මොකද අපේ ජීවිත වල අපි දකින ජීවමාන දෙවිවරු දෙන්නා තමයි තාත්තයි අම්මයි. තාත්තටයි අම්මටයි තමන්ගෙ සහෝදරයන්ටයි ව`දින එක හො`දයි. ඒ වගේම ආගමික නායකයන්ට තමන්ගෙ ආගම අනුව බෞද්ධ දර්ශනය අනුව බුදුරජාණන් වහන්සේට, ක‍්‍රිස්තියානි දර්ශනය අනුව ජේසුස් වහන්සේට, මුස්ලිම් දර්ශනය අනුව අල්ලා දෙවියන්ට, හින්දු දර්ශනය අනුව විෂ්ණු දෙවියන්ට සහ අනෙකුත් දෙවිවරුන්ට වැන්දට කමක් නෑ. නමුත් දේශපාලකයන්ට ව`දින්න ඕනෙ නෑ. මං කියන්නෙ නෑ දේශපාලකයන්ට ඔරවන්න, ගහලා එලවන්න කියලා. අපිට අතට අත දෙන්නල ආයුබෝවන් කියන්න. කොන්ද අංශක 45කින් නවන්න ඕනෙ නෑ අංශක කීපයකින් ඔළුව නැවුවත් ඇති. ඒ තමයි ethics නැත්නම් manners කියන්නෙ. එච්චරයි.

නමුත් ඇත්ත වශයෙන්ම කුඩා කාලයේ කුඩා දරුවන්ගේ ඉදලා අපි පුරුදු කරන්නේ එන හැම දේශපාලඥයන්ටම විශේෂයෙන්ම පෙරලි වඳින්න. අපි වඳින්න තරම් දෙයක් කරලා තියනවද නැද්ද කියලා තමුන්නාන්සේලා දන්නේ නෑ. අපි මෙතන ඉවර වෙලා ගෙදර ගිහිල්ලා කුඩු බිස්නස් කරනවද කියලා තමුන්නාන්සේලා දන්නේ නෑ. අපි මෙතන ඉදලා ගිහිල්ලා හොර අරක්කු පටවනවද කියලා දන්නේ නෑ. මොකද එහෙම අය ඉන්නවා.

ඉතින් මිත‍්‍රවරුනි මම මේ ඉල්ලීම මෙතනදි කරේ මම මේ කවදාවත් ජාතික වශයෙන් කරේ නෑ.මං හැමදාම මාතර ළමයින්ට නම් මට වඳින්න දෙන්නේත් නෑ. මම කාටවත් වඳින්නේත් නෑ.මොකද අපි දකින්න කැමති ඇත්ත වශයෙන්ම හොඳ පෞරුෂත්වයක් තියන කොන්ද කෙළින් තියාගෙන මේ රට ලෝකයත් එක්ක ඉදිරියට ගෙනයන්න පුඵවන් තරුණ පරපුරක් තමයි අපි හදන්න ඕන.

අන්න එහෙම නම් තමුන්නාන්සේලාත් මේ කටයුත්ත මතක තියාගෙනල ඇත්ත වශයෙන්ම වැ`දලා පුදලා නෙමෙයි තමුන්නාන්සේලාට රටට උපහාර දක්වන්න පුඵවන් රෙටි සංවර්ධනයට. ශ්‍රි ලංකාව ඉන්දියන් සාගරයේ දියුණුම රටක් බවට පත් කර ගන්නට තමුන්නාන්සේලාගේ දායකත්වයත් ලබා දෙමින් කටයුතු කිරිමෙන් බව මතක් කරම්න් යළි වතාවත් මෙම උත්සවය සංවිධානය කරපු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, අතිරේක ලේකම්තුමිය ඇතුඵ සියඵ දෙනාටම මාගේ ස්තුුතිය පිරිනමමින් මාගේ වචන ස්වල්පය අවසන් කරනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here