විදේශ ණය වැස්සට නතර වෙන මිනිස්සු වගේ…..ආර්ථික ගොඩ ගන්න ණය අරගෙන බෑ!

0

ලංකාවට පමණක් නොව සමස්ථ ලෝකයටම බලපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට පියවර විශාල වශයෙන් මේ වන විටත් ගෙන ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා.

පුත්තලම ප්‍රදේශයේ පැවති උත්ස්වයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“විදේශ ණය අරගෙන පාරවල් හැදුවා. ඒ කාලයේ කොටස් වෙළඳ පොළට කිවා ඔයාට එන්න පුළුවන්, ගන්න පුළුවන් අයේමත් විකුණන්න පුළුවන් කියලා. මේවා ආරගෙන ආර්ථිකය පාරවල් හදලා එහෙම ඉදිරියට ගියා. එතකොට පාර්ලිමේන්තුවේ දි මම කිව්වා මේ මුදල් මෙහෙම ගන්න එපා, මේ මුදල් දවසක අමෙරිකාවට යනවා. තාවකාලිකව ඉන්නේ මෙතන. අර වැස්සට පාරේ යන ගමන් නවාතැන් ගත්තා වගේ කියලා. මෙතනට එන්න එපා අපි විදේශ ආයෝජන හොයා ගමු කියලා. නමුත් අමෙරිකානු ආර්ථිකය නගින්නේ නෑ හැම වෙලාවෙම එහෙම තියනවා. අපිට ඕන තරම් මුදල් ගන්න පුළුවන් කියලා කිව්වා. ඉන්දියාව තහනම් කරලා තියනවා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ඉන්දියාවට ගේන එක තාවකාලිකව. මම මුදල් ඇමතිවරයා එක්ක සාකච්ඡා කරලා අපිත් තීරණය කළා පළවෙනි පියවර විදියට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලංකාවට ආනයනය කරන එක සිමා කරන්න හෝ නතර කරන්න. පළවෙනි පියවර විදියට. දැන් එතුමා ඒ ගැන ක්‍රියා කරලා මම හිතන්නේ හෙට අනිද්දා ඒ ගැන පියවර කියයි. මේ ගෝලිය ආර්ථික අර්බුදය මේ අවුරුද්දේ ඉවර වෙන්නේ නෑ. එන අවුරුද්දෙත් යනවා. ඉතින් විටින් විට අපිට ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි ක්‍රියා කරලා තියනවා දැනට අනිත් රටවල් වගේ අපේ විදේශිය විනිමය ආරක්ෂා කරන්න කටයුතු කරන්න. ඇමතිවරුන්ටත් කිව්වා මේ රටේ අපනයන වලට ඇති බාධක අපි දැන්ම ඉවත් කරන්න කටයුතු කරන්න ඕන කියලා. ගිය ආණ්ඩුවට බැන්නා කියලා ඒකෙන් ප්‍රශ්නේ විසදෙන්නේ නෑනේ.” අගමැතිවරයා පවසා සිටියා.

Ranil Wickremesinghe