මොනවා උනත් මහින්දයි, ගෝඨාභයයි බයේ හැංගුණේ නෑ!

0

හිටපු ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම් හෝ තමන් කිසි විටක යුද්ධයට බයේ සැඟවී නොමැති බව හිටපු යුධ හමුදාපති අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමෙරිකාවේ නිවුයෝර්ක් නුවරදි එරට ජීවත් වන ශ්‍රී ලාංකිකයන් අමතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදි ජනාධිපතිවරයා සඳහන් කළේ යුද්ධයේ අවසාන සති දෙකේදී වැඩ බැලූ ආරක්ෂක ලේකම් තමා බවත් හිටපු ජනපති අගමැති ආරක්ෂක ලේකම් හෝ හමුදාපතිවත් ලංකාවේ නොසිටි බවත්‍ ය.

“යුද්ධ කරන කාලයේ වෙනත් පරිපාලන වැඩ හමුදා ශක්තිමත් කිරීම ආදි නෙයෙක් වැඩ සිද්ධ වෙනවා. යුද්ධයක් පටන් ගත්ත වෙලාවේ ඉදලා කොකා මිරික මිරික ඉන්නේ නෑ. යුද්ධය අවසාන වන කාලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිසියම් කාර්යයකට පිටරට ගිහිල්ලා ආවා 16 ද කොහේද. මටත් චීනයට යන්න වුණා. නමුත් යුද්ධය කියන එක මේ අන්තිම සුමාන දෙකේ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. අන්තිතිම සුමාන දෙකේ යුද්ධයේ තිබුණේ කෝප්‍රල්ලාට සාජන්ලාට කරන්න දෙයක් විතරයි ඉතුරුවෙලා . ඉතින් කෝප්‍රල් ලා, සාජන්ලා විදියට හිතන මිනිස්සු හිතන්නේ අන්තිම සුමාන දෙකේ තමයි ශිල්ප දක්වන්න තියෙන්නේ කියලා . වැඩ බලන මිනිස්සුන්ට ඕන විදියට අන්තිම සුමාන දෙකේ වැඩ බැලුවට අවුරුදු 2යි මාස 9ක් පුරා යුද්ධයේ වෙච්ච දේවල් තේරුම් ගන්න වත් පුළුවන්ද? යුද්ධයේ අමුතු අමුතු දේවල් කරලා ජයග්‍රහණයට යොමු කරන්න පූළුවන්ද ? එහෙම හැංගෙන ජාතියේ හමුදාවක් අපිට තිබුණේ නෑ හමුදාපතිවර් හිටියේ නෑ. මොනවා උනත් ඒ ජනාධිපතියි ආරක්ෂක ලේකම්වරයයි එහෙම හැංගුණේ නෑ.” අමාත්‍යවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here