අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා නෑ…..රට හදන්න අවුරුදු 5ක් ජවිපෙට දෙන්න!

0

මුදල් ඇමති මංගල සමරවීර මහතා මැති ඇමතිවරුන්ගේ වාහන ආනයන බලපත්‍ර අහෝසි කළද මේ වනවිට ඔවුන්ට අවශ්‍ය වාහන ගෙන්වා අවසන් බවත් ආනයන බලපත්‍ර අහෝසි කිරීමෙන් පලක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

ඊයේ (29) ගම්පහ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා පවසා සිටියේ ආණ්ඩුව ඉස්තාලය වසන්නේ අශ්වයා පැන ගිය පසුව බවයි.

තෙල් මිල වැඩිකර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව පියවීමට කටයුතු කරන පසුබිමක එහි ලාංඡනය වෙනස් කිරීමට රුපියල් කෝටි 300ක් අනුමත කරන්නේ කෙසේදැයි මන්ත්‍රිවරයා විමසා සිටියා.

රජය කරන නාස්තිකාර වියදම් සිදුකරමින් රටේ ආර්ථිකය කෙලින් සිටුවීමට නොහැකි බවත් අවුරුදු 5ක් ජනතා විමුක්ති පෙරමුණ බලයට පත්කරන්නේ නම් එම කාලය තුළ මෙරට ආර්ථිකය සංවර්ධනය කිරීමට තම පක්ෂයට හැකි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.