රට විනාශ කරපු අය ඉන්නේ ආණ්ඩුව ඇතුලේමයි……….

0

රටේ ආර්ථිකය කඩා වැටීමට හේතු වූ පිරිස් සිටින්නේ වර්තමාන රජය තුළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරනවා.

ඊයේ (30) කඩුවෙල දි පැවති ‘එළිය’ සංවිධානයේ සම්මන්ත්‍රණය අමතමින් ඔහු මේ බව පවසා සිටියා.

“අගමැතිතුමා කතා කරනවා අවුරුදු 4ක් තිස්සේ financial hub, industrial hub ගැන. මේවා කිසිම දෙයක් ක්‍රියාත්මක වෙලා නෑ. ඇත්තවශයෙන්ම ආර්ථිකය කඩා වැටීමට හේතු වූ අය ඉන්නේ මේ රජය තුළ. අපි ඇති කරපු වරාය, ගුවන් තොටුපොළ දියුණු කරන සැළසුම් අපේ තිබුණා. නමුත් ඒවා සම්පූර්ණයෙන් ම නවත්වලා දාපු නිසා තමයි මේ ආර්ථික තත්ත්වය ඇති වුණේ. එදා අපි ආරක්ෂක අමාත්‍යාංශය හරහා ඇති කළ ව්‍යාපෘති, රක්නා ලංකා සමාගම, අවන්ගාඩ් සමාගම මේ දෙකම නැතිවෙලා ගියා. ඒ හරහා රටට ආපු විශාල විදේශ විනිමයක් නැති වුණා. සැලැස්මක් නැතුව බලයට එන්න ජනතාව මුලා කරලා විවිධ බොරු කියලා බලයට ආපු රජයක් නිසා තමයි තමුන්නාන්සේලාට අද අවුරුදු 4ක් ගිහිල්ලත් මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ.” ඔහු පවසා සිටියා.

Gotabhaya Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here