ඒකාබද්ධයේ වැරදි වහගන්න එජාපය කොහේ හරි පටලවන්න වෙනවා….නාමල් කුමාරලා තව මතුවෙයි

0

ඒකාබද්ධ විපක්ෂයේ සමාජිකයන්ගේ හොර මැරකම්, වංචා, දූෂණ හෙලිවන විට කලින් කලට එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ල කරමින් එම වැරදි වහ ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් පවසනවා.

කුරුණෑගල ප්‍රදේශයේදි මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් ඔහු මේ බව සඳහන් කළා.

“ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට දැන් මාතෘකා නැතුව ඉන්නේ. එක එක මාතෘකා බැදුම්කරේ කියලා ගෙනල්ලා පසුගිය මැතිවරණ කාලෙම අපේ පක්ෂ විනාශ කළා. දැන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කිරිමේ කුමන්ත්‍රණය පොලිසියේ යම් යම් නිලධාරින් විසින් තමයි කළේ කියලා චෝදනා කරමින් වක්‍රව මේකේ කොහේහරි කොනක් එක්සත් ජාතික පක්ෂයට ගැට ගහන්න උත්සහ කරනවා. තාජුඩීන්ලගේ ප්‍රශ්න එලියට ඇදෙනකොට, ලස්න්ත වික්‍රමතුංගලාගේ ප්‍රශ්න එලියට ඇදෙනකොට, එයාල කරපු සාහසික ක්‍රියා එලියට එනකොට අපරාධ පිළිබඳව එලියට ඇදෙනකොට නාමල් කුමාරලා මතුවෙනවා. තව අය ඉස්සරහට මතුවෙයි. මේ හැම දේම කරන්නේ එක්සත් ජාතික පක්ෂය කොහේ හරි කොනක පටලවන්න. ඒක හරියට අර තොරණ පෙන්නනවා වගේ.”  මන්ත්‍රිවරයා පවසා සිටියා.