ETF මුදල් ආයෝජනය නොකරන්නේ ලංකාවේ විතරයි!

0

සේවක අර්ථ සාධක අරමුදල සේවා නියුක්තිකයන්ගේ භාර කාර අරමුදල වැඩි කර ගැනිමට එම මුදල් ප්‍රතිලාභින් වෙනුවෙන් අයෝජනය කිරිම කෙරෙහි තම ආමාත්‍යංශයේ අවදානය යොමු වි ඇති බව කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍ය රවින්ද්‍ර සමරවික්‍රම පවසනවා.

අමාත්‍යවරයා ඒ බැව් පැවසුවේ හැටන් දිස්ත්‍රික් කම්කරු කාර්යයාලයේ සිව්මහල් ගොඩනැගිලි සංකිර්ණයක් ඉදි කිරිම සදහා ඊයෙ (30) මුල් ගල තිබිමේ අවස්තාවට එක් වෙමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍ය රවින්ද්‍ර සමරවික්‍රම කියා සිටියේ දැනට  සේවක අර්ථසාධක මුදල රු ට්‍රිලියන 2 ක් සහ සේවා නියුක්තිකයන්ගේභාර කාර අරමුදලේ  රු මිලියන 285ක මුදලක් ඇති බවත්, එම මුදල තවත් වසර 25 වන විට  වැඩි කරගත යුතු බවයි.

සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් ආයෝජනය නොකරන්නේ ශ්‍රි ලංකාවේ පමණක් බවත්, එම මුදල් වැරදි ලෙස ආයෝජනය කිරිම නිසා එම මුදල්ආයේජනය කිරිම සම්බන්ධයෙන් මේ රටේ වෘත්තිය සමිති  විරුද්ධ වන බවත් ඔහු සඳහන් කළා.

එම මුදල් මුදල් ආයෝජනය කිරිම සම්බන්ධයෙන් දැනටමත් යොජනා කිහිපයක් ඉදිරිපත් වි ඇති බැවින්, එ සම්බන්ධයෙන් වෘත්තිය සමිති සමග දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඔවුන්ගේ එකග තාවය මත එම මුදල්ප්‍රතිලාභින් වෙනුවෙන්ම ආයෝජනය කිරිමට ඉදිරියේදි කටයුතු කරන බවයි අමාත්‍යය රවින්ද්‍ර සමරවික්‍රම කියා සිටියේ.

මෙරට තුල කම්කරු ශ්‍රමය හිග නිසා කොළඹ ප්‍රදේශයේ ඉදි කිරිම් කටයුතු සදහා ඉන්දියාවෙන් ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ඇති බවද අමාත්‍යයවරයා මෙහිදි කියා සිටියා.

හැටන් රංජිත් රාජපක්ෂ