ආණ්ඩුව 100% ක් සාර්ථක නෑ….අකමැති අයට බෙල්ල ගහලා යන්නේ නැතුව එළවන්න පුළුවන්

0

වර්තමාන ආණ්ඩුව අකමැති පුද්ගලයන්ට විවේචනය කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදයෙන් අනූන ආණ්ඩුවක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඊයේ (02) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදි අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“දැන් වැඩියෙන්ම මේ දොස්තරලා බනිනවා අපි වෙන රටවල් එක්ක ගිවිසුම් හදා ගන්නවා කියලා. අපේ රුපියල ශක්තිමත් කර ගන්න ඕන නම් අපිට වෙන රටවල් එක්ක ගිවිසුම් හදා ගන්න වෙනවා. දැන්වත් තේරුනාද මන්දා. එහෙම කරන්න නම් අපිට ගිවිසුම් තියෙන්න ඕන. ලිදේ ඉන්න ගෙම්බා වගේ මේක ඇතුලේ ඉන්නද? ඔබතුමාලා හිතනවා නම් මේක නෙමෙයි ක්‍රමය දේශපාලන ගැත්තෝ වෙලා වහල්ලු වෙලා ජීවත් වෙන්න ඕන කියලා. එක පවුලක් යටතට වෙලා, ඒ පවුලේ සංදර්ශන ටික බලලා, කාර් රේස් ටික බලලා විනෝද වෙලා, තාත්තායි, අයියලා, මල්ලිලා, නැන්දලා, අක්කාලා පවුලේ ඔක්කෝම බලලා, ඒකයි රටේ සංවර්ධනය, එතනටයි රට තියෙන්න ඕන කියලා එහෙම නම් ඒක හොදයි. මම කියන්නේ නෑ මේ ආණ්ඩුව 100%ක් සාර්ථක කියලා අඩුවැඩියෙන් හැම තැනම අඩුපාඩු කම් තියනවා. හැබැයි එළවන්න හරි පුළුවන් ආණ්ඩුවක් කියන එක මෙතනදි අපි කියනා ඕන.” අමාත්‍යවරයා පවසා සිටියා.

Harin Fernando