ජන ජීවිතය එක්ක සුදු කෙලින්න පාලකයන්ට ඉඩ දෙන්නේ නෑ – ජන පීඩක ආණ්ඩුවට එරෙහිව 23 වෙනිදා පාරට බහින්න!

5

ජන පීඩක ආණ්ඩුවට එරෙහිව 23 වෙනිදා දැවැන්ත ජන මෙහෙයුමක් දියත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසනවා,

ඊයේ (02) බත්තරමුල්ල එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

“වර්තමාන ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා අපේ රටේ ආර්ථිකය බරපතළ ලෙස කඩා වැටීමකට ලක්වෙලා තිබෙනවා. 2015 ජනවාරි 08 බලයට පත් වර්තමාන ආණ්ඩුව ජනතාවට දුන් එකඟතාවය වුණේ ජීවත්වීමට සරිලන ආර්ථිකයක් ගොඩනගන බවයි. ජීවන වියදමට සරිලන ලෙස ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කරන බවයි. ජනතාවගේ හිස් සාක්කු පුරවන බවත් මෝටර් බයිසිකලයෙන් ගියපු අයට කාර් එකක් ගන්නත් තරුණ තරුණියන්ට රැුකියා දශ ලක්‍ෂයක් දෙන්නත් ආර්ථිකය ගොඩනගනවා කියලා රනිල් කිව්වා. ජනතාව තුළ විශාල බලාපොරොත්තුවක් ගොඩනැගුවා. ජනතාව අතර මතයක් තිබුණා, එක්සත් ජාතික පක්‍ෂ පාලනයකින් රටේ ආර්ථිකය ගොඩ යනවා කියලා. නමුත් පසුගිය වසර තුන හමාර තුළ රටේ ආර්ථිකය විනාශයකට ඇද දමන්න වර්තමාන පාලනය කටයුතු කර තිබෙනවා. ජනතාව විශාල ආර්ථික ගැටලූවලට මුහුණ දෙමින් ඉන්නවා.”

“ආණ්ඩුවට තවදුරටත් රුපියල කඩා වැටීම පාලනය කරගත නොහැකි වී තිබෙනවා. යෝජනා කරන කි‍්‍රයාමාර්ග අසාර්ථක වෙමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ණය උගුලින් හා ණය බරින් මිදෙන්න කිසිදු වැඩපිළිවෙළක් ඔවුන්ට නැහැ. ජනතාව තව තවත් ණය උගුලක හිර කරමින් තිබෙනවා. 1978 සිට එක්සත් ජාතික පක්‍ෂ පාලනයේ උපාය මාර්ගය වුණේ ජාතික සම්පත් අලෙවි කිරීමයි. වර්තමාන ආණ්ඩුවත් එම ප‍්‍රතිපත්තියට යළි අවතීර්ණ වෙලා. ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටුකරදීමට පවා නොහැකිවී තිබෙනවා. ජනතාවගේ මූලික අවශ්‍යතාවලට අදාළ භාණ්ඩ හා සේවා මිල සියල්ල ඉහළ දමා තිබෙනවා. බස් ගාස්තු, ඉහළ දමා තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දමමින් තිබෙනවා. පසුගිය මාස හතරක කාලය තුළ ඞීසල් ලීටරයක මිල රු. 95 සිට රු. 123 දක්වා 30%කින් ඉහළ දමා තිබෙනවා. දුම්රිය ගාස්තු 15%කින් ඉහළ දමනවා කියලා ආණ්ඩුව කිව්වත් ඇතැම් දුම්රිය ස්ථාන අතර ගාස්තුව 35%-40%කින් වැඩිවෙලා. වැඩිවෙන දුම්රිය ගාස්තුවේ ප‍්‍රතිශතය පවා කියාගන්න බැරි තරමට ආණ්ඩුව අසමත්වී තිබෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම නිසා ග‍්‍රාමීය ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් පවා ඉටුකර ගන්න බැරි තරමට ව්‍යසනයකට මුහුණ දීලා. දේශීය ආදායම් පනත මගින් බදු ඉහළ දමා තිබෙනවා. ටෙලි නාට්‍ය නිෂ්පාදකයින්ගෙන්, සාහිත්‍ය නිර්මාණවලින් ඇතුළු සියලූම සේවාවල බදු වැඩිකිරීම තමයි ආණ්ඩුවේ එකම ආර්ථික උපායමාර්ගයවී තිබෙන්නේ.”

“මෙම ආර්ථික අර්බුදයට ආණ්ඩුව කරන යෝජනා අසාර්ථකවී තිබෙනවා. ඔවුන් යෝජනා කරන්නේ ආනයනික භාණ්ඩ සීමා කිරීමයි. වර්තමාන ආණ්ඩුවට සදාචාර අයිතියක් තිබෙනවාද ආනයන සීමා කරන්න? රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාට ලක්‍ෂ 5993ක් වැය කරලා වාහන දෙකක් ගෙන්නුවා. එක වාහනයක මිල ලක්‍ෂ 3,000කට ආසන්නයි. ඔහු එම වාහනයෙන්ද ගමන් කරන දුර ප‍්‍රමාණය කීයක්ද?. අරලිය ගහ මන්දිරයේ සිට පාර්ලිමේන්තුවට එන්නෙත් හෙලිකොප්ටරයෙන්. කි. මී. 50-60ක දුරක්වත් ඔහු එම වාහනයෙන් ගමන් කරන්නේ නැහැ. එවැනිම වාහන දෙකක් ජනාධිපතිවරයාටත් ගෙනාවා. ඒ වගේම ඇමතිවරු ඇමතිධුරය ලැබුණු වහාම නව වාහන මිලදී ගත්තා. එම වාහනවල මිල ලක්‍ෂ 400, 480, 720 වැනි මිල ගණන්. අමාත්‍යාංශවල කාර්යාල වෙනුවෙන් අධික මිල ගණන් දීලා තමන්ගේ හිතවතුන්ගේ, නෑදෑයන්ගේ කාර්යාල මිලදී ගත්තා. අදත් ඇමතිවරු විශාල ප‍්‍රමාණයක් විදේශ සංචාරවල නිරත වෙනවා. සතියකට දෙකකට සැරයක් ඔවුන් රට සවාරි යනවා. ජනාධිපතිවරයා විදෙස් සංචාරවලට විශාල පිරිසක් රැුගෙන යනවා. පහුගියදා ඔහු නිරත වූ සංචාරයට 63ක පිරිසක් පවුලේ ඥාතීන්, කාර්ය මණ්ඩලය සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් රැුගෙන ගියා. මේ විදිහට රටේ නායකයින් විශාල නාස්තිකාර වියදම් කරනවා.”

“ආණ්ඩුව කියනවා, වාහන ගෙන්වීම සීමා කරනවා කියලා. එයට මන්තී‍්‍රවරුන්ගේ පර්මිට් ඇතුළත් කර තිබෙනවා. ඒ ප‍්‍රකාශය තරම් හාස්‍ය ප‍්‍රකාශයක් තවත් නැහැ. මොකද, මන්තී‍්‍රවරුන් පත්වූ ගමන්ම කරන්නේ පර්මිට් දෙන එකයි. එයට දැන් වසර 3ක් ගතවෙලා තිබෙනවා. ජවිපෙ මන්තී‍්‍රවරුන් හැර අනෙක් සියලූම මන්තී‍්‍රවරුන් පර්මිට් එකට ගන්න පුළුවන් අධිකම මිල සහිත වාහනය ගෙන්වනවා. ඇතැම් වාහන ලක්‍ෂ 450 ඉක්මවනවා. දැන් පර්මිට් නතර කිරීම මන්තී‍්‍රවරුන්ට වලංගු නැහැ. එය බලපාන්නේ රාජ්‍ය සේවකයින්ටයි. ඇතැම් පුද්ගලයින් පර්මිට් එකෙන් නව වාහනයක් ගෙන්වීමේ අරමුණින් පැරණි වාහනය විකුණලා තිබෙනවා. දැන් ඔවුන්ට පැරණි වාහනත් නැහැ. අලූත් වාහනයත් නැහැ. ආණ්ඩුවේ මැති ඇමතිවරු අධි සුඛෝපභෝගී පරිභෝජනවාදී ජීවිතයක් ගත කරමින් ජනතාවට පටි තදකරගන්න කියනවා. ඒක හරියට මහ කකුළුවන් ඇදයට යන ගමන් පොඩි එවුන්ට කෙලින් යන්න උපදෙස් දෙනවා වගේ.”

“ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සමනය කිරීමට ආණ්ඩුව ගන්නා ක‍්‍රියාමාර්ග අසාර්ථක වෙනවා පමණක් නොව ඒ මගින් ආර්ථික අර්බුදය තවදුරටත් වැඩි වෙමින් රට අගාධයට ඇදගෙන යනවා. ආණ්ඩුව කිවුවේ අපේ රට සිංගප්පූරුවක් කරනවා කියලා. නමුත් ඔවුන් අනුගමනය කරපු විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය අසාර්ථක බව වසර 40කට පස්සේ ඉතා හොඳින් පෙන්වා දී තිබෙනවා. එම නිසා මෙම පාලකයින්ට අපේ රටේ ආර්ථිකය සමඟ ජනතාවගේ ජන ජීවිතය සමඟ සෙල්ලම් කිරීමට සූදු කෙළීමට ඉඩදිය යුතු නැහැ. බඩුමිල වැඩි කරමින් බදු බර වැඩි කරමින් ජනතාව පෙළන මෙම ආණ්ඩුවට එරෙහිව ජනතා සටනක් දියත් කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ජනතාව දැනුවත් කරමින් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා. එහි පළමු පියවර ලබන 23වැනිදා කොළඹින් ආරම්භ කරනවා. බඩු මිල වැඩි කිරීමට, බදු බර ඉහළ දැමීමට එරෙහිව ගොවි ජනතාව, වැඩ කරන ජනතාව, තරුණ බලවේග සමඟ දැවැන්ත විරෝධතා කි‍්‍රයාමාර්ගයක් සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෑත කාලයේ ජනතා විරෝධතාවයන් නාඩගමක් බවට පත්වුණා. විරෝධයන් විනෝදයන් බවට පත් කළා. එම නිසා මෙම ජන පීඩක ආණ්ඩුවට එරෙහිව සැබෑ ජනතා විරෝධයක් පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා එක්වෙන ලෙස පීඩාවට පත්වන සියලූ දෙනාට අපි ආරාධනය කරනවා.”

5 COMMENTS

  1. The precise situation for getting these sorts

    of loans is usually to have an excellent company as well as a reliable revenue source.

    Those quantities you may purchase are less area-consuming than lender loans; even so you can buy him or her in as few as at any hour, which is in reality the general point of this service.

Comments are closed.