පළාත් සභා මැතිවරණය තව මාස කිහිපයකින්……..

0

තව මාස 3 හෝ 4 ක් ඇතුලත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

අද (03) පැවති ත්‍රිකුණාමළය ලංකා බැංකුවේ අධිශ්‍රේණි ශාඛාව හා නැගෙනහිර පලාත්  නව කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ලංකාවේ ප්‍රධානතම බැංකුව ලංකා බැංකුව. ලංකාව පුරා ශාඛා 600කට අධික ප්‍රමාණයක් ව්‍යාප්ත වී තිඛෙනවා. වසර ගනණාවක් මේ රටේ ජනතාවට විශාල සේවාවක් සිදු කරන ආයතනයක්. රාජ්‍ය බැංකු විශාල ලාභයක් ලබනවා. බැංකු ලබන මේ ලාභය ජනතාව අතරට යනවා මදි කියන දේ දැනට මාස කිහිපයකට ඉහතදී එක්තරා සාකච්ඡාවකදී හෙලිදරව් වුන කරුණක්. රටේ සාමාන්‍ය ජනතාව බැංකුවකට ගිහින් ගනුදෙණු කිරීමේදී සමහර අවස්ථාවල යම් යම් ප්‍රශ්ණ ඇතිවෙනවා. එ් නිසා බැංකු ලබන අධික ලාභය ජනතාවට ලබාදෙන්නට, රජයයක් වශයෙන් ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් බැංකු ජනතාවට සමීපවන ආකරයට කටයුතු කල යුතුයි කියලා තීරණය කලා. ව්‍යාපාර ආරම්භ කරන්න, තමන්ගේ වෘත්තීන් දියුණු කරගන්න, නිවාස සකස් කරගන්න අවස්ථාව ලබා දෙන්නට මෙයින් පියවර ගන්නවා. රාජ්‍ය බැංකු සියල්ලම ගත් විට ණය ක්‍රම 100ක් පමණ තිඛෙනවා. නමුත් මේ ගැන ජනතාවට තිඛෙන්නේ ඉතාම අඩු අවබෝධයක්. එ් අනුව මේ සියල්ල ණය ක්‍රම 15කට පමණ සීමා කරලා බැංකු ජනතාවට සමීප වන ආකරයේ වැඩපිලිවෙලක් ආරම්භ කරන්නට අපි පියවර ගත්තා. ජනතාවගේ ජීවන මට්ටම ඉහල නංවා ගැනීමට සහාය දෙන්නට මුදල් අමාත්‍යාංශයත්, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යාංශයත් එකතු වෙලා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කළේ එ් අනුවයි.”

“මේක අළුත් යෝජනා ක්‍රමයක්. අළුත් දෙයක් පටන් ගන්නකොට ප්‍රශ්ණ ඇතිවෙනවා. එ් ප්‍රශ්ණ නිරාකරණය කරගෙන ඉදිරියට යන්න ඕනේ. සමහර ප්‍රදේශවල බැංකුවට ගියාම ලැඛෙන ප්‍රතිචාරය මදි කියලා චෝදනා තියෙනවා. හැම බැංකුවකම එහෙම වෙන්නේ නැහැ. බැංකුවල 99%ක්ම ඉන්නේ හොඳ අය. 01%ක් පමණ තමයි ප්‍රශ්ණ ඇති කරන අය ඉන්නේ. හැම වෘත්තියකම එහෙමයි. කැබිනට් මණ්ඩලයේදීත් මේ ගැන කථා වුනා. මන්ත්‍රවරුනගේත් අදහස බැංකුවල කළමණාකාරීත්වය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට වඩාත් සහයෝගය දිය යුතු බව. එ් වෙනුවෙන් ක්ෂණික දුරතකන අංකයක් හඳුන්වා දී තිඛෙනවා. බැංකුවට ගියාම තමන්ට අවශ්‍ය සහයෝගය දෙන්නේ නැත්නම් මේ අංකයට පැමිණිලි කරන්න පුළුවන්. මහනුවර දිස්ත්‍රික්කයේ බැංකු කළමාණාකරුවන් 5 දෙනෙකුට විරුද්ධව පැමිණිලි ලැබිලා මමත් එA අයට කතා කලා. අපි මේ හැමදේම කරන්නේ මේ වැඩසටහනේ සාර්ථකත්වය දකින්න. මීට කලින් මේ වගේ වැඩපිලිවෙලක් තිබුණේ නැහැ. බැංකු ජනතාව අතරට අරන් යන්න කටයුතු කලේ යහපාලන ආණ්ඩුවයි.”

“අද අපේ රටට තිඛෙන ප්‍රධානතම ප්‍රශ්ණය ණය බර. පසුගිය රජය පෝට් සිටිය,හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල වගේ ව්‍යාපෘති ආරම්භ කරන්න විශාල වශයෙන් ණය ගත්තා. මේ ණය ගත්තා වගේම පොළියත් වාරිකයත් ගෙවන්න ඕනේ. මේ ව්‍යාපෘතිවලින් ශත පහක ආදායමක් නැහැ. ආදායමක් නැතත් ගත්ත ණය, පොළිය අපි ගෙවන්න ඕනේ. මේ අවුරුද්දේ අපේ අයවැය පරතරය බිලියන 644යි. අපේ රටට මොකද වුනේ කියලා ආපස්සට ගිහින් බලන්න ඕනේ. නිදහස ලැඛෙද්දි අපිට මුදල් අතිරික්තයක් තිබුණා. දෙවන ලෝක යුද්ධ කාළේ මහා බි්‍රතාන්‍යයටත් ණයක් දෙන්න තරම් අපේ රටට මුදල් තිබුණා. වසර 30ක යුද්ධයත් මේකට එක හේතුවක් වුනා.”

“ඇමරිකවේ ඔබාමා ජනාධිපතිවරයාගේ පාලන කාලේ ඩොලරයට ගෙවූ පොළිය අඩුයි. නමුත් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ පොළිය වැඩි කලා. අද වන විට ලෝකයේ හැම රටකින්ම ඇමරිකාවට ඩොලර් ගලාගෙන යනවා. අද අපේ රටටත් ඇතිවෙලා තිඛෙන ප්‍රශ්ණය එ්කයි. විදේශීය ආයෝජකයන් අපේ රටේ බැංකුවල තැම්පත් කරලා තිඛෙන ඩොලර් ඉවත් කරගෙන ඇමරිකාවට යනවා. මේ නිසා අද ආර්ථීකයට විශාල පීඩනයක් ඇති වෙලා තිඛෙනවා. මේකට එකම පිලියම අපනයනය වැඩි කිරීම. එසේ කිරීමෙන් පමණයි බිලියන 644ක අයවැය පරතරය පියවා ගන්නට හැකිවෙන්නේ. මේ ප්‍රශ්යට විසඳුම් සොයන්න පක්ෂ භේදයකින් තොරව සියළු දෙනාම එක්විය යුතුයි.”

“අපේ රටේ අය මොන ප්‍රශ්ණේ ආවත් මැතිවරණවලට කැමතියි. පලාත් සභා මැතිවරණය ගැන කැබිනට් මණ්ඩලයේදීත් සාකච්ඡා කලා. එක පක්ෂයක් හැර අනෙක් හැම පක්ෂයම කියන්නේ අනුපාත ක්‍රමය යටතේ මැතිවරණය තියන්න කියලයි. එ්ක කවුරුත් පිලිගත්තා. තව මාස 03ක් 04ක් ඇතුලත මැතිවරණය පත්වන්න පුළුවන්.”