ආර්ථික අර්බුදය පාලනය කරන්න බැරි ජාතික ආර්ථික සභාව මොකටද?

0

ලොව පුරා රටවල් රැසකට බලපාන ලෙස ඇතිව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදයට පිළියම් වශයෙන් ජාතික ආර්ථික සභාව ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි ප්‍රශ්න කිරීමට ආණ්ඩු පක්ෂ පසුපෙල මන්ත්‍රීවරු තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් පවසනවා.

ඩොලරය ශක්තිමත් වීමත් සමඟම ගෝලීය ආර්ථික අර්බුදයක් ඇති වෙතැයි කලින්ම දැනගෙන සිටියදිත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආර්ථික සභාව ගත් පියවර කුමක්දැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් විමසීමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරයා නෝර්වේ හා බ්‍රිතාන්‍යය සංචාරය නිමවා ලංකාවට පැමිණි පසු ජනාධිපතිවරයාගෙන් අදාළ විමසිම සඳහා අනුමැතිය අපේක්ෂා කරන බවයි ඔහු පවසා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here