තොපේ හොරා තොපිට හොදයි නම් තොපි තියා ගනිවු…..අපිට එපා!

0

පසුගිය ආණ්ඩුවලත්, වර්තමාන ආණ්ඩුවත්, අනාගතයේ පත් වීමට නියමිත ආණ්ඩුවත් ජනතා මුදල් කොල්ලකෑම් විවිධාකාරයෙන් සිදු කරන හා සිදු කිරීමට නියමිත බවත් ඒ සියළු දෙනා හෙලි කිරීමට ඉදිරියේදි සූදානම් බවත් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපරයේ සභාපති චතුරංග ද අල්විස් පවසනවා.

අද (03) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සාක්ෂියක් ලබා දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නිව්යෝක් ටයිමිස් පුවත්පතේ මාධ්‍යවේදි මරියා අබි හබී විසින් ලියනු ලැබු පුවත් පත් වාර්තාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස එම ව්‍යාපාරය විසින් පොලිස් මූල්‍ය අපරාධ අංශයට සිදු කළ පැමිණිල්ලක් සිදු කළ අතර එ පිළිබඳව විමර්ශනය මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාක්ෂියක් ලබා ගැනීමට එම වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය කැඳවා තිබුණි.

එහිදි අදහස් දැක්වූ චතුරංග ද අල්විස්,

“අතීතයේ මේ රට පාලනය කළ ආණ්ඩුත්, වාර්තමානයේ රට කරන ආණ්ඩුත්,අනාගතයේදි රට පාලනය කරන්න බලාගෙන ඉන්න ආණ්ඩුත් අඩු වැඩි වශයෙන් මේ රටේ ජනතාවගේ මුදල් කාබාසිනියා කරනවා. දැනට ඒ පිළිබඳව තොරතුරු අපි සතුව තිබෙනවා. ඒ දේවල් අඩු නැතුව ජනතාවට ඉදිරියට ගෙන එන්න අපි කටයුතු කරනවා. අපිට පක්ෂ පාට භේදයක් නෑ. මේ රටේ ජනතාවට අපිට කියන්න තියෙන්නේ අපේ හොරා අපිට හොඳයි කියලා කියනවා නම් ඒ හොරු ඔබේ ගෙදරට ගෙනල්ල කවලා පොවලා තියා ගත්තාට කමක් නෑ. හැබැයි මේ රටේ ජනතාවගේ මුදල්, දේපල, විනාශ කරලා අනාගතයේ ඉපදෙන්න ඉන්න දරුවන්ගේ අනාගතය විනාශ කරන්න අපි ඉඩ තියන්නේ නෑ කියන එකයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here