රනිල් ගෙදර යවා මහින්ද අගමැති කිරීමේ වාසුගේ සැළස්ම…

0

පොහොට්ටුව ළකුණින් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත්වීමට තමා සූදානම් බව එහිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා තිබෙනවා. ඒ පසුගිය (02) දා පැවති ඒකාබද්ධ විපක්ෂ පක්ෂ නායක හමුවේදිය.

එහිදි ජාතික ආණ්ඩුවෙන් අගමැති රනිල් ඉවත් කොට නව අගමැතිවරයෙක් යටතේ නව ආණ්ඩුවක් පිහිටවීමේ සාකච්ඡා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සිය බහුතර එකඟතාව පළ කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානයක්කාර විසින් මෙම යෝජනාව  එම පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කොට ඇති බවත් එහිදි එම යෝජනාව බහුතරයේ කැමත්ත පරිදි ස්ථීර වූ බවත් වාර්තා වේ.

කෙසේවෙතත් වාසුදේව මන්ත්‍රිවරයාගේ යෝජනාව සම්බන්ධයෙන් බොහෝ පක්ෂ විපක්ෂ මත ඉදිරිපත් වූවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ පිළිබඳව කිසිවක් පවසා නැත.  වාසුදේව මන්ත්‍රීවරයා ඉදිරි දෙසතිය තුළ ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවද එම හමුවීම තනිව හෝ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙකුද ඇතුළත් කණ්ඩායමක් ලෙස හෝ සිදුවීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here