ඝාතන කුමන්ත්‍රණකරු ගෝඨා මහින්ද හමුවෙලා….. ඉන්දිය ජාතිකයාට පිස්සු?

0

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැකරුවන් මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ සමඟ පවත්වනු ලැබු සමීප සම්බන්ධතා පිළිබඳව තොරතුරු අනාවරණය වි aඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඊයේ (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදි අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“මෙම කුමන්ත්‍රණය හෙළි කළ පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවන් හෙළිදරවු වෙනවා. ඔහු හා ඔවුන් අතර ඇති සම්බන්ධදතා පරීක්ෂණ වලදි හෙලි දරවි වී තිබෙනවා. මේ පුද්ගලයා මුණ ගැසීමට පැමිණි ඉන්දියන් ජාතිකයා මානසික රෝගියෙක් බව පැවැසුවේ රජය නෙමෙයි. ඔහුව පරීක්ෂ කළ වෛද්‍යවරුන් විසින්.” අමාත්‍යවරයා පවසා සිටියා.

මේ අතර කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැලකෙන ඉන්දීය ජාතිකයා වන මර්සිල් තෝමස් වන මොහු සැප්තැම්බර් 21 වනදා අත්අඩංගුවට පත්වු අතර මේ වනවිට ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යංශය මගින් ලබාගත් මාස තුනක රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටි.

මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසන්නේද මොහුට 2000 වසරේ සිට මානසික රෝගයක් ඇති බවයි.ඒ අනුව සැකකරු මානසික වෛද්‍ය සායනයකට යොමු කරන ලෙස අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා නිර්දේශ කර තිබේ.මර්සිල් තෝමස් නැමත්තා ඉන්දියාවේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ආර් එස් එස් සංවිධානයට බියෙන් මෙරටට පැමිණ ඇති අතර පසුව සරණාගත වීසා ඉල්ලුම් කර ඇති අතර එය ප්‍රතික්ෂේප වීමෙන් පසුව වීසා නොමැතිව මෙරට රැඳී ඇති බව රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබේ.

මර්සිල්, නාමල් කුමාරගේ නිවසට ගොස් ඇති බවත් එහි ගියේ නාමල් කුමාරට තර්ජනයක් ඇති බවට පුවත්පතකින් දු‍ටු ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් බව මර්සිල් පොලීසියට පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here